Friday, May 6, 2016

අඛණ්ඩව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි ඇමති චන්දිම වීරක්කොඩි කියයි.


මෙවර මැයි දිනයේ වැඩිම ජන සහභාගිත්වයක් තිබුණේ ගාල්ල සමනල ක‍්‍රිඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැලියට බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 

ශ‍්‍රී ලාංකික ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින බවට මේ තුළින් ගම්‍ය වන බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

1931 වසරේ සිට නොඩකවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.  

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති විශ්වාස කරන බව චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 

මෙරට වැඩකරන ජනතාවට ඉතිහාසයේ සිටම සේවය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.


Google Plus Facebook Twitter Delicious