Saturday, May 7, 2016

විශ්ව විද්‍යාල තුළ පැසි පන්දු ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා නව තරගාවලියක් හඳුන්වා දෙයි.


විශ්ව විද්‍යාල තුළ පැසි පන්දු ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා නව තරගාවලියක් හඳුන්වා දෙයි.

ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පැසිපන්දු සංගමය මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ජාත්‍යන්තරව ජනප‍්‍රියව ඇති, එක් පිළකට තිදෙනෙක් බැගින් සහභාගීවන "තුනයි - තුන" පැසි පන්දු තරගාවලියක් අද සහ හෙට පැවැත්වෙයි.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පැසිපන්දු ක‍්‍රීඩා පිටියේ දී එය පැවැත්වෙයි.
මේ ස`දහා විශ්ව විද්‍යාල 12 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගී වෙති.


Google Plus Facebook Twitter Delicious