Friday, May 6, 2016

පවතින දරුණු මුදල් හිඟයට මුහුණ දීමට සිම්බාබ්වේ රජයෙන් දැඩි තීරණ.

රටේ පවතින දරුණු මුදල් හිඟයට මුහුණ දීමට සිම්බාබ්වේ රජය දැඩි තීරණ ගනිමින් සිටියි.

එක් දිනක දී බැංකුවකින් ආපසු ගතහැකි වැඩිම මුදල් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් දහස දක්වා සිමා කර ඇත.

ආනයනය කළ හැක්කේ අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන පමණක් බවට නීති පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිම්බාබ්වේ රාජ්‍යයටම පමණක් සුවිශේෂ වූ "බොන්ඞ් නෝට්ස් " නම් අමෙරිකානු ඩොලර් විෂේශයක් මුද්‍රණය කිරීමට ද තීරණය කර තිබේ.

2009 වර්ෂයේ දී දැඩි උද්ධමනයකින් රට පීඩා විද්දී සිය රටට ආවේනික මුදල් වර්ගය අත් හැර දැමූ සිම්බාබ්වේ රාජ්‍යය අමෙරිකානු ඩොලර් සහ දකුණු අප‍්‍රිකානු රෑන්ඞ් ඇතුළු විදේශ මුදල් ඒකක භාවිතය ආරම්භ කළේය.

සිම්බාබ්වේ මහ බැංකුවේ අධිපතිවරයා ස`දහන් කර ඇත්තේ නියගය සහ අපනයන ආදායම් හීන වීමෙන් මෙම මුදල් හි`ගය ඇති වූ බවයි.


Google Plus Facebook Twitter Delicious