Wednesday, May 4, 2016

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ඇති ප‍්‍රගතිය බංගලාදේශයේ පැසසුමට.


ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ඇති ප‍්‍රගතිය බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍ය මොහොමඞ් නසීම් මහතාගේ පැසසුමට ලක් වෙයි.

නිල සංචාරයක් ස`දහා දිවයිනට පැමිණ සිටින බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ පැවැත්විණි.

එම අවස්ථාවේ දී මොහොමඞ් නසීම් මහතා මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් බංගලාදේශ රජයෙන් ලබා දිය හැකි සහයෝගය පිළිබ`දව මෙහිදී සාකච්ඡුා කර ඇත.

ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළීබ`ද අධ්‍යයනයක් සිදු කිරීමට බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටියි.


Google Plus Facebook Twitter Delicious