Tuesday, May 10, 2016

ශ‍්‍රී ලංකා සංවර්ධන නිළධාරින්ගේ සංගමයෙන් ජනාධිපතිවරයාට ප‍්‍රණාමය.


රජය කොටස් වශයෙන් වරින් වර උපධිධාරීන් 152000 කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බ`දවා ගත් බව ශ‍්‍රී ලංකා සංවර්ධන නිළධාරින්ගේ සංගමය පවසයි. 

එයින් සංවර්ධන නිළධාරීන් ලෙස බ`දවාගෙන ඇති උපාධිධාරී සංවර්ධන නිළධාරීන් මෙන්ම අනෙකුත් උපාධිධාරී සංවර්ධන සහකාරවරුන් විවිධ ප‍්‍රශ්නවලට මුහුණ පා සිටින බව එම සංගමය චෝදනා කර සිටි. 

එම ගැටළු විස`දා ගැනීම ස`දහා පැවති රජය සම`ග සාකච්ඡුා කළ ද ඉන් ලැබු ප‍්‍රතිඵලය ඵල රහිත බැවින් වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මේ බව ලිඛිතව දන්වා සාකච්ඡුා කළ බව සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා ස`දහන් කළේය. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම නිළධාරින්ගේ සේවාව විධිමත් කිරිම ස`දහාත් ඔවුන්ගේ ගැටළු විස`දීම ස`දහාත් සංවර්ධන නිළධාරින් හා සෙසු උපාධිධාරී රාජ්‍ය සේවකයින් ස`දහා ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරිමට අනුමැතිය ලබා දී ඇත. 

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන නිළධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාට ප‍්‍රණාමය පුද කරන බව අජිත් ජයසුන්දර මහතා පැවසිය. 

සංවර්ධන නිළධාරින්ගේ රැුකියාවේ ආරක්‍ෂාව සහ ගරුත්වය රැුකීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කරයි. 

එසේ තිබියදී එක්තරා කණ්ඩායමක් සංවර්ධන නිළධාරින්ගේ රැුකියා අවිනිශ්චිත බව පවසමින් ලබන 12 වැනිදා කොළඹ කොටුවේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බව හෙතෙම පැවසිය. 

කෙසේ වෙතත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක‍්‍රලේඛණ මගින් සංවර්ධන නිළධාරින්ගේ රාජකාරි ස`දහා සෘජුව හෝ වක‍්‍රව බාධා සිදුවන්නේ නම් ඉදිරියේ දී වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බව සංවර්ධන නිළධාරින්ගේ සංගමය ද අවධාරණය කර සිටි.


Google Plus Facebook Twitter Delicious