Wednesday, May 11, 2016

ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව ක්වාලාම්පුර් නුවරදී අද පැවැත්වෙයි.


ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව ක්වාලාම්පුර් නුවරදී අද පැවැත්වෙයි. 

දිනයේ දෙවැනි තරගය වන මෙම තරගය පස්වරු 4 යි 30 ට පැවැත්වීමට නියමිතය. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී ලකුණු 33 ට 17 ක් ලෙස සිංගප්පුරුව පරාජය කිරිමට සමත් විය. 

එම තරගයේ දී උත්සාහයක දිනුම් හතරක් සම්පුර්ණ කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතිරේක ප‍්‍රසාද ලකුණක් සමගින් ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. 

පිලිපිනය ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා දෙවැනි ස්ථානයේ සිටි. 

සත්කාරක මැලේසියානු කණ්ඩායම පළමු තරගයේ දී පිලිපිනය හමුවේ පරාජයට පත්වු අතර ප‍්‍රසාද ලකුණක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. 


Google Plus Facebook Twitter Delicious