Friday, May 13, 2016

බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනු ලැබුවේ රජයට එරෙහි චෝදනා වෙනතකට හැරවීමට බවට ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදනයක්.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනු ලැබුවේ රජයට එරෙහිව එල්ලවන ජනතා විරෝධය වෙනතකට හැරවීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. 

බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට රජය සහ රජයට වක‍්‍රාකාරයෙන් සහයෝගය දක්වන නිල විපක්‍ෂය කල් තියා සුදානම් කරන ලද්දක් බවට ඉතා පැහැදිලි බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. 

වැට් බද්ද සහ ජාතික ගොඩනැගීමේ බද්ද නීති විරෝධීව වැඩි කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට අත්අඩංගුවේ පසුවන කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කිරිමේ සුදානම හා පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ආදි ජනතා ද්‍රෝහි ක‍්‍රියා කලාපයන් හේතුවෙන් රජයට මේ වනවිට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවති. 

එම ජනතා විරෝධය වෙනතකට හැරවීමේ උවමනාවෙන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ජාතික නිදහස් පෙරමුණ ස`දහන් කරයි. 

වත්මන් රජය විපක්‍ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරිමේ මෙවලම වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යොදා ගනිමින් සිදු කරන මර්දනය තරයේ හෙළා දකින බව එම පෙරමුණ නිවේදනය කර තිබේ. 

එමෙන්ම රට ගැන සිතා ඊට එරෙහිව සබුද්ධිකව පෙළ ගැසෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටි. 


Google Plus Facebook Twitter Delicious