Friday, May 13, 2016

ඉතාලියෙන් සොරාගත් ඉපැරණි කලා නිර්මාණ තොගයක් යුකේ‍්‍රනයෙන් හමු වෙයි.


පසුගිය වසරේ ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කරන ලද කලා නිර්මාණ 17 ක් සොයාගත් බව යුකේ‍්‍රන බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වන බවයි.

ප්ලාස්ටික් ඇසුරුම් තුළ ස`ගවා තිබූ චිත‍්‍ර ඇතුළු කලා නිර්මාණ මොල්දෝවා දේශ සීමාවේ දී සොයාගෙන ඇත.

ලෝක පූජිත චිත‍්‍ර ශිල්පීන් වන රූබන්ස් සහ ටින්ටෝරෙට්ටෝගේ නිර්මාණ ද ඒ අතර වන බව ස`දහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් යුකේ‍්‍රන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.


Google Plus Facebook Twitter Delicious