Tuesday, May 10, 2016

වැඩිහිටි හා ආබාධ සහිත වුවන්ට රැකවරණ නිවාස තැනීම සඳහා ප‍්‍රමාණවත් මුදල් රජයෙන් නොලැබෙන බව ඇමති එස් බී දිසානායක කියයි.

ජිවිතයේ සැ`දෑ සමය වැඩිහිටි නිවාසවල ගත කිරිමට සුදානමින් සිටින වැඩිහිටියන්ගේ සංඛ්‍යාව මේ වනවිට 25000 ක් පමණ වන බව අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. 

ඒසේ වුව ද ඒ ස`දහා ප‍්‍රමාණවත් පහසුකම් සහිති වැඩිහිටි නිවාස නොමැති බව සමාජ සවි බල ගැන්වීම් සහ සුභසාධන අමාත්‍යවරයා ස`දහන් කළේය. 

එමෙන්ම වැඩිහිටි හා ආබාධ සහිත වුවන්ට රැකවරණ නිවාස තැනීම ස`දහා ප‍්‍රමාණවත් මුදල් රජයෙන් නොලැබෙන බව ද හෙතෙම කියා සිටි. 

එස් බී දිසානායක මහතා මේ බව ස`දහන් කළේ පසුගිය දා පුවක්පිටිය ජයවිරු සෙවන රැකවරණ නිවාසයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි. 


Google Plus Facebook Twitter Delicious