Thursday, May 12, 2016

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මුල්කිරිගල නයිගල රජමහා විහාරස්ථානයේ දී.


2016 රාජ්‍ය වෙසක් උත්සවය මුල්කිරිගල නයිගල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට තීරණය කර ඇතැයි රජය පවසයි.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ස`දහන් කළේ දකුණු පළාතේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේය.

ලබන 18 වැනි දින සිට 24 වැනි දින දක්වා ජාතික වෙසක් සතියක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

එහි දී කුල දරුවන් තිස්පස් දෙනෙකු සසුන්ගත කිරීමේ පිංකමක් ද සිදු කරන බව අමාත්‍යවරයා ස`දහන් කළේය.

රාජ්‍ය වෙසක් උත්සවය ලබන 22 වැනි දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


Google Plus Facebook Twitter Delicious