Wednesday, May 11, 2016

හෙද උපාධි පීඨය ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සහ සම්පත් කඩිනමින් ලබාදෙන බව ජනපති පවසයි.


දීර්ඝ කාලීන ඉල්ලීමක් බවට පත්ව තිබූ හෙද උපාධි පීඨය ආරම්භ කිරීම ස`දහා අවශ්‍ය ප‍්‍රතිපාදන සහ සම්පත් කඩිනමින් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සම`ග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකට එක්වෙමිනි.

හෙද උපාධි පීඨයේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා ස`දහන් කළේ රටේ අවශ්‍යතාවය අනුව හෙද සේවාව කාර්යක්ෂම ලෙස යෙදවීමට නොහැකි වීම ගැටළුවක් බවයි.

හෙද සේවාව ගුණාත්මක සහ ශක්තිමත් සේවාවක් ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම සහයක්ම නොඅඩුව ලබා දෙන බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.


Google Plus Facebook Twitter Delicious