Thursday, May 12, 2016

දූෂණ අක‍්‍රමිකතා මැඩලීමට නයිජීරියානු ජනපති දැඩි උත්සහයක.


නයිජීරියාවේ දූෂණ අක‍්‍රමිකතා මැඩලීමට දැඩි ප‍්‍රයත්නයක් ගන්නා බව එරට ජනාධිපතිවරයා පවසයි.

දූෂණ අක‍්‍රමිකතාවන් සෑම රටකටම පොදු ලක්ෂණයක් බව ද මුහම්මදු බුහාරි ස`දහන් කළේය.

නයිජීරියාව දූෂණ අක‍්‍රමිකතාවන්ගෙන් ගහණ රටක් බවට පත්ව ඇතැයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ඒ බව පවසා තිබේ.

ලන්ඩන් නුවර පැවති දූෂණ මැඩලීම සම්බන්ධයෙන් වූ සමුළුවකට සහභාගි වෙමින් මුහම්මදු බුහාරි එම අදහස් දක්වා තිබේ.

මේ අතර ට‍්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය ද නයිජීරියාව සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කර ඇත.

එහි දූෂණ අක‍්‍රමිකතා සහිත රටවල් අතර 136 වැනි ස්ථානය නයිජීරියාවට හිමිව තිබේ.


Google Plus Facebook Twitter Delicious