Thursday, May 12, 2016

තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සියලූ චෝදනාවලින් නිදහස් කරයි.


තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සියලූ චෝදනාවලින් නිදහස් කරයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් පාලක මණ්ඩලය, මෙරට වේලාවෙන් ඊයේ රාත‍්‍රී 11 යි 45 ට පමණ ඒ පිළිබ`ද නිවේදනය කර තිබේ.

එහි දැක්වෙන්නේ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තීරණක් ගැනීමට තරම් ප‍්‍රබල සාක්ෂි ලැබී නොමැති බවයි.

ඔහු ලබාගෙන ඇති ඖෂධ පිළිබ`ද විධිමත් පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව මෙම තීරණය ප‍්‍රකාශයට පත්කර තිබේ.

තහනම් උත්තේජක ගැටළුව හේතුවෙන් පසුගිය දෙසැම්බර් 15 වැනි දින සිට කුසල් ජනිත් පෙරේරා තරග තහනමට ලක්ව සිටියේය.

ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් වහා ක‍්‍රියාත්මක වන පරිදි ඔහුගේ තරග තහනම ඉවත් කර තිබේ.


Google Plus Facebook Twitter Delicious