Wednesday, May 11, 2016

ලොව ශාක වර්ග තුන් ලක්‍ෂ අනූ දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවට සමීක්ෂණයකින් හෙළි වෙයි.


ලෝකයේ ශාඛ වර්ග තුන් ලක්‍ෂ 90, 900 ක් පවතින අතර ඉන් තුන් ලක්‍ෂ 64 400 ක් මල් හට ගන්නා බව නවතම විද්‍යාත්මක සමීක්‍ෂණයකින් හෙළි වෙයි. 

බි‍්‍රතාන්‍යයේ රාජකීය උද්භිද විද්‍යා ආයතනයේ විදඥායින් සිදුකළ මෙම සමීක්‍ෂණයට අනුව 2005 වසරේ දී හ`දුනාගෙන ඇති නව විශේෂ ශාඛ සංඛ්‍යාව 2034 කි. 

බටහිර අප‍්‍රිකානු ගැබ්‍රොන් රාජ්‍යයේ වනාන්තරවල වැඩෙන මීටර් 45 ක් දක්වා උස යන දැවැන්ත ශාඛය ද ඊට ඇතුළත්ය. 

නව බිගෝනියා විශේෂ අනුවක් ද පසුගිය වසරේ සොයගෙන ඇති අතර කෘමින් ආහාරයට ගන්නා ශාඛයක් ද පසුගිය වසරේ බ‍්‍රසීලයෙන් සොයා ගැණින. 

ලෝකයේ ශාඛ විශේෂවලින් සියයට 21 ක්ම මිහිපිටින් තුරන් වීමේ අවදානමට මුහුණ දෙන බව මෙම විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. 


Google Plus Facebook Twitter Delicious