Friday, May 13, 2016

මීගමුව කළපුවේ සංවර්ධන කටයුතු ඇරඹේ.


ශ‍්‍රී ලංකාවේ කළපු අතරින් විශාලම සහ දර්ශණීය කළපුව වශයෙන් හැ`දින්වෙන මීගමුව කළපුව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. 

මීගමුව කලපුව මේ වනවිට රොන්මඩ සහ විවධ අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් ධීවර කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ධීවර කාර්මිකයෝ පවසති. 

කලපුව සංවර්ධනය කර දෙන ලෙස පැවති රජයෙන් ඉල්ලීම් කළ ද අවධානය යොමු නොකළ බව ඔවුන් පෙන්වා දෙයි. 

එහෙත් වත්මන් රජයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි හෙක්ටයාර 3000 කින් සමන්විත මීගමුව කළපුව රුපියල් කෝටි දහයක වියදමකින් සංවර්ධනය කිරිම ඊයේ ආරම්භ කෙරිණි. 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය ආරම්භ විය. 

ව්‍යාපෘතිය යටතේ ධීවර පවුල් දෙදහසකට සහ වෙනත් පුද්ගලයින් ලක්‍ෂ ගණනකට සහ ව්‍යාපාරික ප‍්‍රජාවට සහන ප‍්‍රතිලාභ හිමිවෙයි. 

මේ අතර වත්මන් රජය යටතේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැුසක් 2016 හා 2017 වසර දෙක තුල ආරම්භ වන බව අමාත්‍යවරයා පැවසිය. 

ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය ඇතිව සංවර්ධනයේ දැවැනත් පියවරක් ශ‍්‍රී ලංකාව තබනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ස`දහන් කළේය. 


Google Plus Facebook Twitter Delicious