Thursday, May 12, 2016

පැනමා ලේඛනවලින් හෙළි කළ සියලූ ගනුදෙනු නීති විරෝධි නොවේ - ඇමති පාඨලී චම්පික කියයි.


පැනමා ලේඛනවලින් හෙළි කළ පමණින් එම සියලූ ගනුදෙනු නීති විරෝධි ගනුදෙනු නොවන බව රජය පවසයි.

අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා ස`දහන් කළේ  ඕනෑම පුද්ගලයෙකුට විදේශ රටවල් සම`ග මෙන්ම විදේශීය සමාගම් සම`ග ගනුදෙනු කිරීමට අයිතිය පවතින බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු අංශ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු ස`දහන් කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ස`දහන් කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ විද්‍යා අමරපාල මහතාගේ නම ද පැනමා ලේඛනවල ඇතුළත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පැහැදිලි කළේය.


Google Plus Facebook Twitter Delicious