Thursday, May 12, 2016

ජවිපෙ යළි මාධ්‍ය මර්දනයක යෙදෙන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා.


ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි වරටත් රටේ මාධ්‍ය නිදහසට සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට බලපෑම් එල්ල කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ම`ගින් අනාවරණ කළ කරුණුවලට ප‍්‍රතිචාර දැක්වීම වෙනුවට අදාළ මාධ්‍යවේදීන් අපකීර්තියට පත් කළ බවයි.

එය අනුමත කළ නොහැකි ක‍්‍රියාවක් බව ද මන්ත‍්‍රී උදය ගම්මන්පිළ මහතා ස`දහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


Google Plus Facebook Twitter Delicious