Friday, May 13, 2016

එල් ටී ටී ඊ නායකයින් සැමරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.


ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ උතුරු පළාත තුළ යුද්ධයෙන් මියගිය එල් ටී ටී ඊ නායකයින් සැමරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. 

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පෙරේදා දින යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා දැක්වු අදහසට ප‍්‍රතිචාර දක්වමිනි. 

එම් කේ සිවාජිලිංගම් මහතා ස`දහන් කළේ උතුරේ මියගිය ජනතාව සැමරීම ස`දහා සතියක කාලයක් ප‍්‍රකාශයට පත් කරන බවයි. 

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ස`දහන් කළේ එල් ටී ටී ඊ නායකයින් සැමරීමට රට තුල කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. 

මේ අතර ලබන 18 වැනිදා යුද්ධයෙන් මියගිය රණවිරුවන් සහ අබාධිත වු රණවිරුවන් සිහිකිරිම නිදහස් චතුරස‍්‍රයේ දී සිදුකරන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ස`දහන් කළේය. 


Google Plus Facebook Twitter Delicious