Wednesday, May 11, 2016

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට.


නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පසුගියදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත‍්‍රාත් එම් ගනේෂරාජා මහතා නියෝග කළේය.

2005 වසරේ දෙසැම්බර් 25 වැනි දින මඩකලපුව ප‍්‍රදේශයේ දේවස්ථානයක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.


Google Plus Facebook Twitter Delicious