Friday, May 13, 2016

වැට් බද්දට එරෙහිව සංගම් කිහිපයක් විරෝධතාකට සුදානම්.


ජනතාවගෙන් අය කර ගන්නා වැට් බද්ද තුලින් මෙරට පාලකයින් සුඛෝපභෝගි ජිවිත ගත කිරිමට සුදානම් වන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි. 

පැවති රජයේ අඩුපාඩු පෙන්වමින් බලයට පත්වු නව රජය ද ජනතාව පීඩාවට පත් කරන බව සංගමයේ කැ`දවුම්කරු අසේල සම්පත් මහතා පැවසිය. 

හෙතෙම මේ බව ස`දහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ඔහු ස`දහන් කළේ ආපනා ශාලා හිමියන්ගේ සංගමය විසින් වැට් බදු රජයට නොගෙවන බවයි. 

එම වාසිය පාරිභෝගිකයාට ලබා දෙන බව අසේල සම්පත් මහතා ස`දහන් කළේය. 

වැට් බද්ද අහෝසි කිරිමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේ දී ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බව ආපන ශාලා හිමියන්ගේ සංගමය කියා සිටියේය. 

මේ අතර මාධ්‍ය හමුවට එක්වු පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. 

ඔහු ස`දහන් කළේ ජනතාවට සිදුවු අසාධාරණයට එරෙහිව ලබන 15 වැනිදා පෙරවරුවේ නාරාහේන්පිට දී උද්ඝෝෂණයක් ආරම්භ කරන බවයි. 

ඒ ස`දහා සියළු දෙනාට සහභාගිවන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කරයි. 


Google Plus Facebook Twitter Delicious