Tuesday, May 10, 2016

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයෙන් නව රජයට චෝදනා.


ව්‍යවස්ථාදායක සභාව විසින් තුන්වෙනි වරටත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි. 

ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ සේවා කොමිසමට පත්කිරිම් ස`දහා උත්සහ කරමින් සිටින බව නායක උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

පසුගිය දා රැස්වු ව්‍යවස්ථාදායක සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) 2 වගන්තිය උල්ලංඝණය කරමින් පත් කිරිම් සිදු කිරිමට තීරණය කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි. 

ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එම පත්කිරිම් සිදු නොකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව උදය ගම්මන්පිල මහතා පැවසිය.


Google Plus Facebook Twitter Delicious