Friday, April 1, 2016

න්‍යෂ්ඨික ප‍්‍රහාර අවදානමක් පිළිබඳ ජනපති බරක් ඔබාමා අනතුරු අඟවයි.

න්‍යෂ්ඨික ප‍්‍රහාරය අවදානමක් පිළිබඳ අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අනතුරු අඟවයි.


වොෂින්ටන් නුවර පැවති න්‍යෂ්ඨික ආරක්ෂක සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ පිළීබඳ සඳහන් කර තිබේ.


අයි එස් ත‍්‍රස්තවාදීන් ඇතුළු අන්තවාදීන් වෙත න්‍යෂ්ඨික අවි හිමිවුවහොත් අතිශය දරුණු තත්ත්වයක් උද්ගත විය හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.


කෙසේ වෙතත් න්‍යෂ්ඨික ප‍්‍රහාර වැළැක්වීම සඳහා ලෝක බලවතුන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද හෙතෙම කියා සිටියි.


සමුළුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ බරක් ඔබාමා මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සියලූ රටවල් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.


Google Plus Facebook Twitter Delicious