Friday, April 1, 2016

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට එරෙහි නඩුව විභාග කිරීම කල් යයි.


අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල කරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ඇතුළු පිරිසට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම කල් යයි.


නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දී කොටුව අධිකරණය එය ජූනි මස 08 වැනි දිනට කල් තැබීය.


රැකියා ලබා දෙන ලෙස බල කරමින් පසුගිය පෙබරවාරි 16 වැනි දින කොළඹ දී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විරෝධතාවක් සංවිධාන කර තිබිණ.


පසුව අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල කරමින් සංගමයේ කැඳවුම්කරු ඇතුළු 11 දෙනෙකුට එරෙහිව නඩුවක් ගොනු කිරීමට රජය කටයුතු කළේය.


කෙසේ වෙතත් අයිතීන් ඉල්ලා සිදු කරන සාමකාමී විරෝධතා සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අප‍්‍රසාදය පළ කරයි.


ඔවුන් සඳහන් කළේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ හා පෙළපාලි යාමට අයිතියක් තිබෙන බවට ජනාධිපතිවරයා ද විවිධ අවස්ථාවන්හි දී ප‍්‍රකාශ කර ඇති බවයි.


Google Plus Facebook Twitter Delicious