Friday, April 1, 2016

වත්මන් කි‍්‍රකට් පාලක මණ්ඩලය විසුරුවා හැර කි‍්‍රකට් පරිපාලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළ යුතු බව හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


වත්මන් කි‍්‍රකට් පාලක මණ්ඩලය විසුරුවා හැර කි‍්‍රකට් පරිපාලනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කළ යුතු බව හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


කි‍්‍රකට් කී‍්‍රඩාව මේ වනවිට මුහුණ දී ඇති අර්බුදය විසඳීම සඳහා ගත හැකි හොඳම කි‍්‍රයාමාර්ගය එය වන බව හෙතෙම සඳහන් කළේය.


අමාත්‍යවරයා අවධාරණය කළේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය උදෙසා පිහිටුවන අතුරු පාලක කමිටුවට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බවයි.


අර්ජුන රණතුංග මහතා මෙම අදහස් පළ කළේ කි‍්‍රකට් නිලවරණය පිළිබඳ මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


Google Plus Facebook Twitter Delicious