Friday, April 1, 2016

කොළඹ සිටි ලීග් පාපන්දු සංගමය සංවිධාන කරන කොළඹ පාපන්දු ශූරයින් තේරීමේ තරගාවලිය අද පැවැත්වෙයි.

කොළඹ සිටි ලීග් පාපන්දු සංගමය සංවිධාන කරන කොළඹ පාපන්දු ශූරයින් තේරීමේ තරගාවලිය අද පැවැත්වෙයි.

කොළඹ සිට් ලීග් ක‍්‍රිඩා පිටියේ දි පස්වරු 04 ට එය ආරම්භ කීරීමට නියමිතය.

කොළඹ ප‍්‍රධාන ක‍්‍රිඩා සමාජ 04 ක් වන සෝන්ඩර්ස්, රිනවුන්, ජාවාලේන් සහ කොළඹ පාපන්දු කී‍්‍රඩා සමාජය තරගාවලියට සහභාගී වෙයි.

එහි පළමු තරගය කොළඹ පාපන්දු කී‍්‍රඩා සමාජය සහ රිනවුන් කී‍්‍රඩා සමාජය අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

මේ අතර ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන පාපන්දු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ තරග කිහිපයක් අද සහ හෙට පැවැත්වෙයි.

ඒ අනුව ගෙලිඔය සහ කොමරේද්ස් කණ්ඩායම නාවලපිටිය ජයතිලක ක‍්‍රිඩාංගණයේ දී අද පස්වරු 04 ට තරග වැදීමට නියමිතය.

එමෙන්ම කැකිරාව යුනයිටඞ් සහ පුත්තලම රිවර් පූල් කන්ඩායම් අනුරාධපුර බන්ධනාගාර පිටියේ දී හෙට තරග වැදීමට නියමිතව ඇත.


Google Plus Facebook Twitter Delicious