Friday, April 1, 2016

කොටහේන ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද රාතී‍්‍ර 10 සිට පැය 7 ක ජල කප්පාදුවක්.


කොටහේන ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද රාතී‍්‍ර 10 සිට හෙට අලූයම 5 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.


ඒ අනුව කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, මෝදර, මට්ටක්කුලිය සහ බේස්ලයින් පාරේ කැලණි පාලම අසල සිට දෙමටගොඩ හන්දිය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


එමෙන්ම හෙට්ටිවීදිය හා ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවල ද ජල කප්පාදුව බල පැවැත්වෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.


Google Plus Facebook Twitter Delicious