Friday, April 1, 2016

හෙරොයින් කිලෝග‍්‍රෑම් 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට.

මෙරටට රැුගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග‍්‍රෑම් 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගනියි.


නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙහෙයුම සිදු කර තිබේ.


හෙරොයින් තොගය රැගෙන ආ විදේශිය යාත‍්‍රාවක් හා පකිස්තාන ජාතිකයෙකු මෙන්ම ඉරාන ජාතිකයින් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.


මෑත ඉතිහාසයේ මුහුදේ දී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව සඳහන්ය.


මහා පරිමාණයෙන් සිදු කළ මෙම ජාවාරම ශී‍්‍ර ලංකාවේ නියෝජිතයින් සමඟ එක්ව පකිස්තානු හා ඇෆ්ගනිස්ථාන ජාතිකයින් විසින් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇත.


Google Plus Facebook Twitter Delicious