Friday, April 1, 2016

”පාට වැස්ස - 2016” දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි.

"පාට වැස්ස - 2016" දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි.
ඊයේ ආරම්භ වූ එය ලබන 10 වැනිදා දක්වා ගිරිඋල්ල ලොකුපෝතාගම ආර්ට් ක්ලබ්හි දි පැවැත්වෙයි.


ප‍්‍රදර්ශනය පෙරවරු 10 සිට රාත‍්‍රි 10 දක්වා නොමිලයේ පැවැත්වෙන බව ලොකුපෝතාගම ආර්ට් ක්ලබ් හි අධිපති පාලිත ලොකුපෝතාගම මහතා සඳහන් කළේය.


ප‍්‍රදර්ශනය සඳහා ළමා නිර්මාණ මෙන්ම යොවුන් සහ වැඩිහිටි නිර්මාණ ද ඇතුළත් වෙයි.


චිත‍්‍ර තරඟ, කාව්‍ය නිර්මාණ තරඟ, විවිධ විෂයන්ට අදාළ දේශන හා වැඩමුළු ද ප‍්‍රදර්ශන භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


"ඉගෙනීමද? ඉගැන්වීමද?" තේමාව යටතේ අද දේශනය ආචාර්ය ඇලෙක්ස් පෙරේරා සහ දර්ශනපති රම්‍යා බස්නායක විසින් පවත්වනු ලබයි.


Google Plus Facebook Twitter Delicious