Friday, April 1, 2016

ආණ්ඩු වෙනස් කිරීමට සටන් කිරීම පසෙකලා රට ගොඩනගන්න එක්වන්න - ජනපතිගෙන් සියලූ දෙනාට ඇරයුම්.

ආණ්ඩු වෙනස් කිරීමට සටන් කිරීම පසෙකලා මතු පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන මහතා සියලූ දෙනාට ආරාධනා කරයි.


2030 වසර වන විට තිරසර සංවර්ධනයක් අත්කර ගත් තෘප්තිමත් සාමකාමී ජනතාවක් ජීවත්වන රටක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


ඒ සඳහා සියලූ දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගත යුතු බව මෛතී්‍රපාල සිරිසේන මහතා පැවසීය.


ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ එරාවුර් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Google Plus Facebook Twitter Delicious