Friday, April 1, 2016

ගුරු සහයකයින්ගේ දීමනාව රුපියල් දස දහසකින් ඉහළ නැංවීමට අවධානය.

ගුරු සහයකයින්ගේ දීමනාව රුපියල් දස දහසකින් ඉහළ නැංවීමට අවධානය යොමු වෙයි.


ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු උසස් නිලධාරීන් සමඟ සාකච්ඡුා කර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා මාණ්ඩලික පති‍්‍රකාවක් ද සකසා ඇති බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස් රාධකි‍්‍රෂ්ණන් මහතා සඳහන් කළේය.


දැනට ගුරු සහයකයින්ට ගෙවනු ලබන්නේ රුපියල් හය දහසක දීමනාවක් බව ද අමාත්‍යවරයා පැවසීය.


හෙතෙම සඳහන් කළේ මේ හේතුවෙන් ගුරු සහයකයින් දැඩි ආර්ථික අපහසුතාවකින් පසුවන බවයි.


මේ අතර ලබන 20 වැනි දින තවත් ගුරු සහයකයින් 800 කය පත් වීම් ප‍්‍රදානය කිරීමට ද සැලසුම් කර ඇත.


ඔවුන් ගුරු පුහුණු අභ්‍යාස ආයතනයේ දී පුහුණුව ලැබිය යුතු අතර නියමිත කාල සීමාව තුළ දී උපාධි අධ්‍යාපනය ද සම්පූර්ණ කළ යුතුය.


අනතුරුව ඔවුන් ගුරු සේවාවට අන්තර්ග‍්‍රහණය කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.


Google Plus Facebook Twitter Delicious