Wednesday, May 25, 2016

ආපදා හේතුවෙන් නිවාස අහිමිවූවන් ප‍්‍රතිස්ථාපනය කිරීමේදී නව විදුලි සබඳතා නොමිලයේ දීමට රජයෙන් පියවර.


ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවූවන් ප‍්‍රතිස්ථාපනය කිරීමේදී නව විදුලි සබඳතා නොමිලයේ ලබාදෙන බව විදුලිබල හා  පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඇතැම් නිවාස අභ්‍යන්තරයේ විදුලි පරිපථයන්හි පවතින ආපදා තත්ත්වයන් මත විදුලි සබඳතා ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ස`දහන් කළේය.

ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීම ස`දහා පාරිභෝගිකයින්ට නොමිලයේ එම සේවාව සපයන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Google Plus Facebook Twitter Delicious