Tuesday, May 24, 2016

තායිවානය සමග පවතින සංනිවේදන සබදතා අත්හිටුවීමට චීනය පියවර ගනි.


තායිවානය සමග පවතින සංනිවේදන සබදතා අත්හිටුවීමට චීනය පියවර ගනියි.

චීන රජයේ ප‍්‍රතිපත්තිවලට තායිවාන එක`ග නොවීම එයට හේතුව වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී තායිවානය සමග සංනිවේදන සබදතා අත්හිටුවීමට පියවර ගැනීමට චීන බලධාරින් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කරයි.

‘ එක් චීනයක් ’ යන ප‍්‍රතිපත්තිය යටතේ සිදු කරන ක‍්‍රියාකාරකම්වලට තායිවානය සිය විරෝධය පලකර සිටියි.

තායිවානය ස`දහන් කර ඇත්තේ චීනයේ ඒක පාර්ශවික ප‍්‍රතිපත්ති හේතුවෙන් ගැටළු රැසක් පැන නැගී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ චීනය ඉදිරියේ දී තායිවානය හා පවතින සංනිවේදන සම්බන්ධයෙන් තීරණයකට එළබීමට නියමිත විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබේ.


Google Plus Facebook Twitter Delicious