Thursday, May 26, 2016

ගංවතුරින් පීඩාවට පත් කැලණි ගඟ අවට කුඩා ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් රජයේ අවධානය.


ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කැලණි ග`ග අවට කුඩා ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වෙයි.

ඔවුන්ට අවශ්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සම`ග සාකච්ඡුා කරන බව ඊයේ  පාර්ලිමේන්තුවේ දී අග‍්‍රාමාත්‍යවරයා ස`දහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ අවදානම් සහිත ප‍්‍රදේශවල නිවාස ඉදි කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේ දී විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස`දහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සියලූ දෙනාගේ යුතුකම බවයි.

ආපදා අවස්ථාවන්හි දී රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීන තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව සැලසිය යුතු බව ද ඔහු පැවසීය.


Google Plus Facebook Twitter Delicious