Thursday, May 26, 2016

වියට්නායමයට එරෙහි අවි තහනම ලිහිල් කිරිම සම්බන්ධයෙන් චිනයෙන් අමෙරිකාවට චෝදනා.


දශක ගණනක් පුරා වියට්නායමයට පනවා තිබූ අවි තහනම ලිහිල් කිරිම පිළිබ`ද චිනය අමෙරිකාවට චෝදනා කරයි.

වියට්නාමය විසින් වසර 41 ක් පුරා අමෙරිකාව සතුරු රාජ්‍යයක් ලෙස හැදින්වීය.

දකුණු චීන මුහදේ සහ ආසියාවේ අමෙරිකානු ආධිපත්‍ය පැතිරවීමට අමෙරිකාව දරන උත්සාහයේ එක් අවස්ථාවක් ලෙස ද චීන විචාරකයෝ මෙම අවි තහනම ලිහිල් කිරීමේ සිද්ධිය හදුන්වා දෙයි.

දකුණු චීන මුහුද සම්පූර්ණයෙන්ම තමන්ට අයත් බව චීනය පවසන නමුත් වියට්නාමය සහ කලාපයේ තවත් රටවල් කිහිපයක් එම මුහුදු ප‍්‍රදේශයට අයිතිය ප‍්‍රකාශ කර තිබේ.

අවි තහනම ඉවත් කිරිම වියට්නාමය සමග සබ`දතා සාමාන්‍ය තත්වයට පත් කරගැනීමක් මිස චීනයට අතපෙවීමක් නොවන බව අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා පවසා ඇත.


Google Plus Facebook Twitter Delicious