Thursday, May 26, 2016

ඇතැමුන්ට අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළ තනතුරු ලබාදීම පිළිබඳ ගුරු සංගමිවල විරෝධය.

දේශපාලන පලිගැනීම් සිදු වූවා යැයි පවසමින් ඇතැමුන්ට අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළ තනතුරු ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ එවැනි පුද්ගලයින් 4680 කට පත් වීම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඉන් වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපන පරිපාලන සේවය ස`දහා සුදුසුකම් නොලත් පිරිසක් බව ද ඔහු පැවසීය.

මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ එම තත්ත්වය නිදහස් අධ්‍යාපනයේ ඉදිරි පැවැත්මට බරපතල තර්ජනයක් බවයි.


Google Plus Facebook Twitter Delicious