Wednesday, May 25, 2016

දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් කි‍්‍රයාත්මකය.


දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇ`ගවීමේ නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.         

ඒ අනුව මහනුවර, රත්නපුරය, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල සහ කලූතර දිස්ති‍්‍රක්කවලට තවදුරටත් අවදානම බලපැවැත්වෙයි.  

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස`දහන් කළේ අඛණ්ඩව වැසි ඇදහැලූණහොත් නායයාමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ වැඩි අවදානමක් පවතින බවයි. 

මේ අතර දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින තුළ ස්ථාපිත වී ඇති බව ද දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළෙ`ග් වේගය ක්ෂණිකව වැඩි වීමේ හැකියාව දකුණු, නැගෙනහිර සහ උතුරු මුහුදු ප‍්‍රදේශවල තවදුරටත් පවතින බව ස`දහන්ය.




Google Plus Facebook Twitter Delicious