Wednesday, May 25, 2016

ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රශංසනීය වෙනසක් - ලෝක බැංකු නියෝජිතයෝ පවසති.


ගෙවී ගිය කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුව ඇති වෙනස ප‍්‍රශංසනීය බව ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරු පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවට ලැබෙන ආධාර කිසිදු අක‍්‍රමිකතාවකින් තොරව ප‍්‍රතිලාභීන් වෙත ලබා දීමේ ක‍්‍රමවේදයක් රට තුළ සකස් වී ඇති බවයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම`ග ඊයේ පැවති හමුවක දී ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරු මේ බව පැවසූහ.

ඔවුන් දින තුනක් මෙරට රැු`දී සිටිමින් විදේශාධාර ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු ස`දහා වැය කරන ආකාරය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇත. 

හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ඉදිරියේ දී ද මෙරට සංවර්ධන කටයුතුවලට දායක වීම ස`දහා ලෝක බැංකු නියෝජිතයින් කැමැත්ත පළ කළ බවයි.


Google Plus Facebook Twitter Delicious