Thursday, May 26, 2016

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කැඳ වූ රැස්වීමක් පිළිබඳ පළාත් මහ ඇමතිගෙන් චෝදනා.


යාපනය නගර සංවර්ධන යෝජනා ක‍්‍රමය පිළිබ`ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කැ`ද වූ රැස්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් චෝදනා එල්ල වෙයි.

සංවර්ධන යෝජනා ක‍්‍රමය සම්බන්ධයෙන් වූ රැස්වීම තමන් දැනුවත් නොකර සිදුවූවක් බවට ඔහු චෝදනා කළේය. 

"ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන සම`ග පැවැත් වූ සාකච්ඡුාවකට සහභාගි වෙමින් සී. වී. විග්නේශ්වරන් මහතා ඒ පිළිබ`ද ස`දහන් කර ඇති බවයි.

නගර සංවර්ධන යෝජනා ක‍්‍රමය පිළිබ`ද වසරක් පුරා සාකච්ඡුා පැවති බව සී. වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ චෝදනාව සම්බන්ධයෙන්  "ද හින්දු" පුවත්පත පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගෙන් ද විමසීමක් කර ඇත.   

ඔහු ස`දහන් කර ඇත්තේ අදාළ රැස්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙන්ම උතුරු පළාතේ මන්තී‍්‍රවරුන් ඇතුළු සියලූ පාර්ශවයන්ට ආරාධනා කළ බවයි.

පළාතේ සංවර්ධන කටයුතු සතුටුදායක මට්ටමක නොපවතින බව ද රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.

ඔහු පවසා ඇත්තේ රැස්වීමේ දී යාපනය නගරයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම පමණක් සිදු කළ බවයි.

සාකච්ඡාව ඉතා සාර්ථක වූ බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසා තිබේ.


Google Plus Facebook Twitter Delicious