Thursday, May 26, 2016

ජී 7 රාජ්‍ය නායක සමුළුවේ අද සහ හෙට ජපානයේ ඊසෙ - ශිමා නගරයේ දී.


ජී 7 රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට ඊසෙ - ශිමා නගරයේ දී පැවැත්වෙයි.   

ජී 7 සමුළුවේ සමගාමී සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ ජපානය බලා පිටත්ව ගියේය.

ජී 7 සමුළුවේ සභාපති ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයක් මත ජනාධිපතිවරයා සංචාරයට එක්වෙයි. 

ජී 7 සමුළුවේ සමගාමී සමුළුවක් සඳහා ශ‍්‍රී ලාංකීය රාජ්‍ය නායකයෙකුට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය මෙය වීම විශේෂත්වයකි.

සාමය සහ සෞභාග්‍යයට සාර්ථක මාර්ගය පෙන්වා දෙමින් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ අධිපත්‍යය හා මානව අයිතිවාසිකම්වල මූලික අගයන් බෙදා හදා ගැනීම ජී - 7 සමුළුවේ අරමුණයි.

සාම්ප‍්‍රදායික ජී 7 න්‍යාය පත‍්‍රයට අමතරව ගෝලීය ආර්ථිකය, විදේශ ප‍්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව, ගෝලීය සෞඛ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබ`දව ද මෙවර සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිතය.


Google Plus Facebook Twitter Delicious