Tuesday, May 24, 2016

එකිනෙකාට චෝදනා නොකර විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.


කොළඹ නගරයේ ජල ගැලීම් ස`දහා හේතුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අත්තනෝමතික නගර සැලැස්ම බවට ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි.

නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සකස් කර තිබු ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිමට හැකිවුයේ නම් කොළඹ නගරයට මෙතරම් හානියක් සිදු නොවන බවයි. 

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ඔහු ස`දහන් කළේ එකිනෙකාට චෝදනා නොකර සියළු දෙනා එක්ව විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගත යුතු බවයි. 

ආපදා තත්ත්වය පහව යාමෙන් පසු මේ ස`දහා වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ස`දහන් කළේය. 


Google Plus Facebook Twitter Delicious