Tuesday, May 24, 2016

ආපදා හේතුවෙන් අපිරිසිදුවී ඇති ළිං ජලය සහ නළ ජලය පිරිසිදු කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය.


ජල ගැලීම් හේතුවෙන් අපිරිසිදුවු කොළඹ නගරය පිරිසිදු කිරිම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව පවතින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

එමෙන්ම අපිරිසිදුවී ඇති ප‍්‍රදේශවල ළිං ජලය සහ නළ පහසුකම් පිරිසිදු කිරිම ස`දහා ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජනාධිපතිවරයා ස`දහන් කළේය. 

ජනතාවගේ පානීය ජල ගැටළුව සඳහා විස`දුම් ලබා දීමෙන් අනතුරුව නිවාස පිරිසිදු කිරිම පිළිබ`ද අවධානය යොමු කළ යුතු බව හෙතෙම කියා සිටි. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව ස`දහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම ස`දහා පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ රැස්වු අවස්ථාවේදීය. 

වැඩිදුරටත් කරුණු දැක්වු ජනාධිපතිවරයා ස`දහන් කළේ මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි කොටස් තුනක් යටතේ අපාදාවට ලක්වු ජනතාවට සහන සලසන බවයි. 

මේ ස`දහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සෑම පුද්ගලයෙකුගේම කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස`දහන් කළේය. 


Google Plus Facebook Twitter Delicious