Wednesday, May 25, 2016

ජාතික හොකී පුහුණු සංචිතයේ පිරිමි පුහුණුවීම් අද කොළඹ කෘති‍්‍රම හොකී ක‍්‍රිඩාංගණයේ දී ආරම්භ වෙයි.


ජාතික හොකී පුහුණු සංචිතයේ පිරිමි පුහුණුවීම් අද කොළඹ කෘති‍්‍රම හොකී ක‍්‍රිඩාංගණයේ දී ආරම්භ වෙයි. 

ක‍්‍රිඩා අමාත්‍යංශය විසින් සංචිතයේ සිටින ක‍්‍රිඩකයින් 25 දෙනා ස`දහා නේවාසික පුහුණුව ලබා දීමට කටයුතු යොදා ඇතැයි හොකි පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා ස`දහන් කළේය. 

ඉදිරියේ දී තේරීම් තරග මගින් යොවුන් ක‍්‍රිඩකයින් සංචිතයට ඇතුළත් කිරිමට ද සැලසුම් කර තිබේ. 

පසුගිය දා සිංගප්පුරුවේ පැවති ලෝක ලීග් හොකි තරගාවලියේ පළමුවැනි කොටසේ අනුශූරතාව දිනා ගනිමින් ශ‍්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම දස්කම් දැක්විය. 

නොවැම්බර් මස හොංකොංහි පැවැත්වෙන ආසියානු හොකි සම්මේලන කුසලාන තරගාවලිය මෙන්ම ලබන වසරේ ජනවාරි මස මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක ලීග් හොකි දෙවන කොටසේ තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම මෙම සංචිතයෙන් තෝරා ගැනෙයි. 


Google Plus Facebook Twitter Delicious