Friday, June 17, 2016

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සහ ක‍්‍රීඩිකාවවෝ දෙදෙනෙක් සහභාගි කරවති.

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සහ ක‍්‍රීඩිකාවවෝ දෙදෙනෙක් සහභාගි කරවති.

දිලීප් රුවන් මීටර් 400,  සංජීව ලක්මාල් මීටර් 1500 සහ අමිල ජයසිරි දුර පැනීම සඳහා සහභාගිවන ක‍්‍රීඩකයින්ය.

ඉෂාර සඳරුවන් රිටි පැනීම, ගයන්තිකා අබේරත්න මීටර් 800 සහ රුමේෂිකා කුමාරි රත්නායක මීටර් 200 සඳහා සහභාගි කරවීමට නියමිතයි.

ඒ  සඳහා අවශ්‍ය ලේඛණ මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍ය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල ජූලි මස 4 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි.


උතුරු එංගලන්තයේ ජනමත විචාරණය සඳහා සිදු කෙරෙන ප‍්‍රචාරක කටයුතු නතර කරයි.


උතුරු එංගලන්තයේ ජනමත විචාරණය සඳහා සිදු කෙරෙන ප‍්‍රචාරක කටයුතු නතර කර ඇතැයි වාර්තා වෙයි.

වෙඩි ප‍්‍රහාරයකට ලක් වූ කම්කරු පක්ෂ මන්තී‍්‍ර ජෝ කොක්ස් ජීවිතක්ෂයට පත් වීම ඊට හේතු වී තිබේ.

රැස්වීමක් පැවැත්වෙන අතරවාරයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට පැමිණි අවස්ථාවේ දී මන්තී‍්‍රවරියට වෙඩි වැදී ඇත.

අනතුරුව ප‍්‍රහාරකයා විසින් ඇයට තියුණු ආයුධයකින් ද පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

බරපතල තත්ත්වයේ පසු වූ ජෝ කොක්ස් මන්තී‍්‍රවරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් පනස් දෙහැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය මරාන්තික උපවාසයකට සුදානම්.


හි`ග දීමනා ලබා නොදීම ඇතුළු ගැටළු රැසක් ස`දහා මෙතෙක් විස`දුම් ලැබී නොමැති බව සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය චෝදනා කරයි. 

ඒ වෙනුවෙන් පසුගිය දින කිහිපයක සිට සංකේත වැඩවර්ජනයක නිරතවු එම සංගමය අද දිනයේ මරාන්තික උපවාසයක නිරත වන බව එහි සභාපති ගාමිණි කොස්ලන්ද මහතා ස`දහන් කළේය. 

2015 වසරේ හි`ග දීමනා ලබා ගැනීම ස`දහා වසරකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශය සම`ග සාකච්ඡා කිරීමට සිදු වූ බව බව හෙතෙම කියා සිටි. 

ඒ අනුව මෙම වසරේ මැයි මාසයේ දී එක් අයෙකුට රුපියල් දහස බැගින් වූ දීමනාවක් පමණක් ලබා දී ඇති බව ස`දහන්ය.

601 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම රජයේ ආයුර්වේද කාර්ය මණ්ඩලය ස`දහා ගෙවිය යුතු මුළු මුදල හැට හය ලක්ෂ එකොළොස් දහසක් බව ගාමිණී කොස්ලන්ද මහතා පවසයි.


නවක වදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු සමාවක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.


නවක වදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු සමාවක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

නවක වදයට සම්බන්ධ සිසින් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

ඔවුන් නිදහස් කරන ලෙස පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීම සාධාරණ ද යන්න අමාත්‍යවරයා විමසා සිටියේය. 

හෙතෙම මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

අන්තවාදී පිරිස් විසින් රජයට විරුද්ධව විවිධ කටයුතු සිදුකරන බව ද හෙතෙම පැවසිය. 

එහෙත් එක්සත් ජාතික පක්‍ෂය වටා එක්ව සිටින මධ්‍යස්ථ කොටස් ශක්තිමත් රජයක් ගොඩනැගීම ස`දහා කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 


චක‍්‍රලේඛවලට සීමා නොවී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමතිගෙන් නිළධාරින්ට උපදෙස්.


ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ප‍්‍රදේශයේ ජනතාවට අත්තිකාරම් ගෙවීම් ස`දහා රුපියල් මිලියන 380 ක මුදලක් ආපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත ලබා දෙයි. 

ඊයේ දිනයේ එම මුදල් ලබාදුන් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පෙන්වා දෙන්නේ නිළධාරින්ගේ ආකාර්යක්‍ෂමතාව සහ නොසලකිලිමත්කම මෙන්ම චක‍්‍රලේඛවලට සීමා වී සිටිම හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී බාධා එල්ලවී ඇති  බවයි. 

මෙම තත්ත්වය වහා වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවන් සොයා බැලීමට වගකිය යුතු නිළධාරින් චක‍්‍රලේඛවලට සීමා නොවි ක‍්‍රියාත්මක විය යුතු බව හෙතෙම අවධාරණය කර සිටි. 

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැුස්වීමට එක්වෙමිනි. 

විපතට පත් පවුලක් වෙනුවෙන් රුපියල් 10 000 බැගින් අත්තිකාරම් ගෙවීම ස`දහා කටයුතු සුදානම් කර තිබුණ ද මෙතෙක් එම කටයුතු ප‍්‍රායෝගික තත්ත්වයන් හේතුවෙන් ප‍්‍රමාද වී ඇති බවට අනාවරණය වු බව හෙතෙම පැවසිය. 

විපතට පත් ජනතාවට සහන සැලසීම ප‍්‍රමුඛ කොට සැලකිය යුතු බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

රුපියල් 10 000 ක අත්තිකාරම් මුදල ප‍්‍රමාණවක් නොවේ නම් එය සුදුසු ප‍්‍රමාණයකින් ඉහළ නැංවීමට වුවද හැකි බව රවී කරුණානායක මහතා කියා සිටි.

හෙට දිනය වනවිට මෙම අත්තිකාරම් මුදල සියළු පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය. 


රුවන්වැලි මහා සෑයේ සුළු ඉරිතැලීමක් පමණක් සිදුව ඇති බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසයි.


අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විශාල ලෙස පිපිපුරුමක් සිදුව ඇති බවට මාධ්‍ය මගින් සිදුකරන ප‍්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. 

නියෝජ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළේ රුවන්වැලි මහා සෑයේ සුළු ඉරිතැලීමක් පමණක් සිදුව ඇති බවයි. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

එවැනි බරපතල පිපිරීමක් සිදුව නොමැති බවට පුරාවිද්‍යා කොමසරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප‍්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. 

වෙනත් කූඨ අරමුණු ඉටු කර ගැනීම ස`දහා ඇතැම් පිරිස් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බව හෙතෙම පැවසිය. 

ඒ හේතුවෙන් ජනතාව නොම`ග යවන එවැනි ප‍්‍රවෘත්ති පළ කිරිමේ දී සත්‍ය අසත්‍යාව තහවුරු කර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සියළු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි. 


Thursday, June 16, 2016

අයර්ලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙයි.


අයර්ලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙයි.

ඩබ්ලිංහි දී පස්වරු 3 යි 25 ට එය ආරම්භ කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා පිලට ෆර්වේස් මහරූෆ්, උපුල් තරංග, සීකුගේ ප‍්‍රසන්න, ධනුෂ්ක ගුණතිලක සහ සුරාජ් රන්දිව් එක්කර ඇත.

සිය මංගල ප‍්‍රාන්ත තරගයේදීම කඩුලූ 5 ක් බි`ද දැමූ එංගලන්ත ක‍්‍රීඩක බැරී මැකාති ද මෙවර කණ්ඩායමට එක්කර තිබේ.

ශ‍්‍රී ලංකා පිලට මීට පෙර අයර්ලන්තය සමග එක්දින තරග 4 කට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වුව ද වර්ෂාව හේතුවෙන් තරග 2 ක්ම අතහැර දැමීමට සිදු විය.

ඉතිරි තරග දෙකම ජය ගනු ලැබූයේ ශ‍්‍රී ලංකාවයි.


දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවේ සම්මුතියට ප‍්‍රංශ ජනපති අත්සන් තබයි.


පසුගිය වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවති දේශගුණ විපර්යාස පිලිබඳ සමුළුවේ සම්මුතියට එරට ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඬේ අතසන් කරයි.

මෙය බලාත්මක වීමට නම් හරිතාගාර වායු මුදාහරින රටවල් සියයට 55 ක් හෝ එම සම්මුතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට සම්මුතියට අත්සන් තබා ඇත්තේ මුහුදු ජල මට්ටම ඉහළ යෑමේ අවදානමට ලක්ව ඇති කුඩා රටවල් 17 ක් පමණි.

සම්මුතිය බලාත්මක වීමට නම් යුරෝපා හා කාර්මික රටවල් ඊට අත්සන් තැබිය යුතු බව ද ප‍්‍රංශුවා හොලාන්ඬේ වැඩිදුරටත් පෙන්වා දෙයි.


අනුරාධපුරයේ පාසල් 13 කට අද සිට නිවාඩු.


අනුරාධපුරය මිහින්තලය සහ තන්තිරිමලේ ප‍්‍රදේශවල පාසල් 13 ක් අද සිට ලබන බදාදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, ශාන්ත ජොශප් මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ඒ අතර වෙයි. 

මීට අමතරව දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, මිහින්තලය මහා විද්‍යාලය, මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාන මහා විද්‍යාලය ද වසා තැබේ. 

පොසොන් උත්සවයට අදාළ පහසුකම් සැපයීම වෙනුවෙන් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ. 

විශේෂ රාජකාරී ස`දහා පිට ප‍්‍රදේශවලින් පැමිණෙන ආරක්‍ෂක නිලධාරීන්ට නවාතැන් ලබා දීම ස`දහා එම පාසල් යොදා ගන්නා බව ද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.


පොසොන් සමයේ දුම්රියෙන් ගමන් කරන මගීන්ට උපදෙස් මාලාවක්.


පොසොන් උත්සව සමයේ දුම්රියෙන් ගමන් කිරීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙස ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

දුම්රිය මාර්ගයේ පටු පාලම් රැුසක් පවතින හෙයින් සෑම වසරකදීම පාපුවරුවේ ගමන් කරන මගීන් අනතුරට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම සිය ආභරණ සහ මුදල් පසුම්බි පිළිබ`දව ද විශේෂ අවධානයක් යොමු කරන්නැයි ගමනාගමන අධිකාරිවරයා ඉල්ලා සිටියි.

මගීන්ගේ ආරක්ෂාව ස`දහා දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් යොදවා ඇති බව ද හෙතෙම පැවසීය. 

වැඩිදුරටත් අදහස් දැක් වූ ගමනාගමන අධිකාරිවරයා කියා සිටියේ මෙවර පොසොන් පොහොය නිමිති කර ගනිමින් විශේෂ දුම්රිය 26 ක් ධාවනයට යොදවන බවයි.


ශී‍්‍ර ලාංකීය දෙමළ පුරවැසියන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නැයි ජයලලිතා ජයරාම් ඉල්ලයි.

ශී‍්‍ර ලාංකීය දෙමළ පුරවැසියන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව තමිල්නාඩු මහ ඇමතිනිය පවසයි. 

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සම`ග පැවති සාකච්ඡාවේ දී ජයලලිතා ජයරාම් ඒ බව සඳහන් කර තිබේ.  

අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී හමුව සිදුව ඇත.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාව ඍජු ප‍්‍රතිපත්තියකට එළඹිය යුතු බව ද ජයලලිතා ජයරාම් අවධාරණය කර තිබේ.

තමිල්නාඩු මහ ඇමතිනිය පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඒ පිළීබ`ද ඉන්දියාවේ ස්ථාවරය සඳහන් කළ යුතු බවයි.

එමෙන්ම තමිල්නාඩුවේ වෙසෙන ශී‍්‍ර ලාංකීය දෙමළ පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේ දී අවධානයට ලක් විය.


දීඝවාපි රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද.


අපවත් වදාල දීඝවාපිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නන්නපුරාණේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ ආදාහන උත්සවය අද පැවැත්වෙයි.

දීඝවාපී රජමහා විහාරස්ථ භූමියේ දී පස්වරු 2 ට එය සිදු කිරීමට නියමිතය.

රෝගී තත්වයක් හේතුවෙන් අම්පාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 12 වැනි දින අපවත් වූහ.

අපවත් වනවිට උන්වහන්සේ 93 වැනි වියේ පසු වූහ.


Tuesday, June 14, 2016

2016 - සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලට බස්නාහිර පළාත නියෝජනය කිරීම සඳහා ක‍්‍රීඩකයින් තිදෙනෙකු සහ ක‍්‍රීඞීකාවන් තිදෙනෙකු තෝරා ගනියි.


2016 - සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලට බස්නාහිර පළාත නියෝජනය කිරීම සඳහා ක‍්‍රීඩකයින් තිදෙනෙකු සහ ක‍්‍රීඞීකාවන් තිදෙනෙකු තෝරා ගනියි.

තේරීම් තරග පසුගිය සති අන්තයේ මීගමුවේ දී පැවැත්විනි.

බාලක තරගයෙන් තිඹිරිගස්කටුව දුටුගැමුණු විදුහලේ තරුෂ ගිම්හාන ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය.

දෙවැනි ස්ථානය නයිවල මාරපොල විද්‍යාලයේ කල්ප ශාවින්ද විසින් දිනා ගන්නා ලදී.

මිනුවන්ගොඩ හය වැනි පාවුලූ විද්‍යාලයේ සුපුන් පියුමාල් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

බාලිකා තරගයෙන් මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ නතාෂා සඳමිණි ප‍්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවැනි ස්ථානය යක්කල අනුර මහ විද්‍යාලයේ ශාමිනි සෙව්වන්දි විසින් හිමි කරගන්නා ලදී.

ගමගම්පහ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් පාසල් අධ්‍යක්ෂ කාර්යාලය මගින් තරගාවලිය සංවිධාන කර තිබේ.


අමෙරිකාවේ ඕලන්දෝ නගරයේ වෙඩි තැබීමේ වගකීම අයි එස් ත‍්‍රස්ත සංවිධාන බාර ගනියි.

අමෙරිකාවේ  ඕලන්දෝ නගරයේ රාත‍්‍රි සමාජ ශාලාවේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම අයි එස් ත‍්‍රස්ත සංවිධාන බාරගෙන තිබේ.

අල් බයාන් ගුවන් විදුලිය ප‍්‍රකාශයක් නිකුත් කරමින් ස`දහන්් කර ඇත්තේ මහම්මද් තුමන්ගේ පරම්පාරවෙන් පැවැත එන සොල්දාදුවෙකු විසින් මෙම ප‍්‍රහාරය සිදුකර ඇති බවයි.

ඇෆ්ගන් සම්භවයක් ඇති අමෙරිකාවේ ජීවත් වන ඔමාර් මතීන් නැමැති 29 හැවිරිදි තරණයෙකු ප‍්‍රහාරය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබේ.

කෙසේ වෙතත් පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

සමාජ ශාලාවේ සිදුවු වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර 53 දෙනෙකු තුවාල තුවාල ලැබීය.

මේ අතර අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර ඇත්තේ මෙම ද්වේශ සහගත සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බවයි.


ඇතැම් දේශපාලන තීන්දු හේතුවෙන් පසුගිය කාලය තුල සමෘද්ධි ව්‍යාපාර විනාශ වු බව ඇමති එස් බී දිසානායක කියයි.


පසුගිය වසර දහය තුල මෙරට ජනතාව කටයුතු කළ ආකාරය සහ හැසිරුණු ආකාරය වෙනසක් කර ගත යුතු බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. 

එසේ නොවුනහොත් පසුගිය කාලය තුල සිදුවු ඇතැම් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් විනාශ වු සමෘද්ධි ව්‍යාපාරය යළි ගොඩනගා ගත නොහැති බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ සමෘද්ධි නිළධාරීන් සම`ග බදුල්ලේ දී පැවති හමුවකට එක්වෙමිනි. 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමෘද්ධි ව්‍යාපාරයට බිලියන අටක පමණ විශාල පාඩුවක් සිදුකර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

සමෘද්ධිය ශක්තිමත් ආයතනයක් ලෙස නැවත ගොඩනැවිය යුතු බව හෙතෙම ස`දහන් කළේය.
              

සාලාව අවි ගබඩාව පිපිරිම හේතුවෙන් රටේ ආරක්‍ෂාව බරපතල තර්ජනයකට ලක්ව ඇතැයි රංජිත්ද සොයිසා මන්ත‍්‍රී පවසයි.


"සාලාව" අවි ගබඩාව පිපිරීම සම්බන්ධව බලධාරීන්ගේ මැදිහත්වීම සෑහීමකට පත් විය නොහැකි බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි. 

ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ජනතාව තුල බරපතල සැකයක් පැන නැගී ඇති බවට රංජිත් ද සොයිසා මහතා ස`දහන් කළේය. 

මේ දිනවල චීනයේ සංචාරයක නිරතව සිටින මන්ත‍්‍රීවරයා සංචාරය අතරතුරදී පුවත්පතකට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. 

හෙතෙම ස`දහන් කළේ මේ වනවිට රටේ ආරක්‍ෂාව බරපතල තර්ජනයකට ලක්ව ඇති බවයි. 


පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් දහතුනක් අනිද්දා සිට වසා තැබේ.

අනුරාධපුරය මිහින්තලය සහ තින්තිරිමලේ ප‍්‍රදේශවල පාසල් 13 ක් ලබන අනිද්දා සිට ලබන 22 වැනිදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, ශාන්ත ජොශප් මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ඒ අතර වෙයි. 

මීට අමතරව දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, මිහින්තලය මහා විද්‍යාලය, මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාන මහා විද්‍යාලය වසා තැබේ. 

පොසොන් උත්සවය වෙනුවෙන් පහසුකම් සැපයීම වෙනුවෙන් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ. 

විශේෂ රාජකාරී ස`දහා පිට ප‍්‍රදේශවලින් පැමිණෙන ආරක්‍ෂක නිළධාරීන්ට පාසල්වලදී නවාතැන් ලබාදෙන බව ද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 


නැවත බලයට ඒමට නොව රටට අවශ්‍ය දේ ඉටු කිරිමට කැපවන බව ජනපති අවධාරණය කරයි.


නැවත බලයට ඒම සඳහා බලය තහවුරු කර ගැනීමට නොව රටට අවශ්‍ය දේ ඉටුකිරිමට කැපවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වත්මන් රජයේ ජාත්‍යන්තර සබඳතා වැරදි ලෙස විග‍්‍රහ කරමින් ලෝකයේ බලවතුන්ට රට ආක‍්‍රමණය කිරීමට ඉඩ දෙන බවට දේශපාලන ප‍්‍රතිවාදීන් කරන චෝදනා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"ගෝලීය කටයුතු තුළ ශ‍්‍රි ලංකාව - 2015 ජනවාරියේ සිට ගමන් මඟ" මැයෙන් විද්වත් කතිකාවතක් ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්විණි. 

එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. 

සංහි`දියාවේ සහ යහපාලනයේ වටිනාකම් මෙරට ඇතැමුන් තේරුම් නොගැනීම මත ගැටලූ මතුව තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි. 

මෙරට අනාගතය ර`දා පවතින්නේ සංහි`දියාවේ සහ යහපාලනයේ වටිනාකම් යථාර්තවාදී කිරිම තුළින් පමණක් බව සියළුදෙනා අවබෝධ කරගත යුතු බව ද ජනාධිපති මෙත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය. 

විදේශ සම්බන්ධතා ක්‍ෂේත‍්‍රයෙහි ශ‍්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය සමලෝචනය කිරිමේ අරමුණින් මෙම විද්වත් කතිකාව සංවිධාන කර තිබුණි. 

මෙහි ප‍්‍රධාන දේශනය ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාම් මානික්කලිංගම් මහතා විසින් සිදුකර තිබේ.


Monday, June 13, 2016

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයේ අවසන් දිනය අදයි.


සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයේ අවසන් දිනය අදයි.

දෙවැනි ඉණිම සඳහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඊයේ දිනට තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 32 ක් ලබා සිටියේය.

කඩුල්ලේ රැ`දී සිටිනේනේ දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වායි.

එංගලන්ත ක‍්‍රීඩකයින් සිය පළමු ඉණිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 416 ක් රැස් කළේය.

එයට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 288 ක් පමණි.

අනතුරුව දෙවැනි ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත ක‍්‍රීඩකයින් කඩුලූ හතක් දැවී ලකුණු 233 ක් ලබා සිටිය දී ඉණිම අත්හිටුවා දෙවැනි ඉණිම සඳහා පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මේ වනවිට කඩුලූ දහයක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 330 ක් පිටිපසුන් පසුවෙයි. ඓතිහාසික ලෝඞ්ස් පිටියේ දී තරගය පැවැත්වෙයි.


ග‍්‍රිසියේ තවකාලික රැඳවුම් කඳවුරුවල සරණාගතයින් නීති විරෝධි ක‍්‍රම මගින් මුදල් උපයයි.


ග‍්‍රිසියේ තාවකාලික රැඳවුම් කඳවුරුවල සරණාගතයින් නීති විරෝධී ක‍්‍රම මගින් මුදල් උපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඳවුරුවුලූවල වෙසෙන බොහෝ තරුණයින් සිය ශරීරය විකුණමින් මුදල් උපයන බව ද සඳහන්ය.

මැදපෙරදිග කළාපයේ සිට යුරෝපය බලා පැමිණි සරණාගතයින්ගෙන් ඇතැම් පිරිස් දේශසීමා වසා දැමීම හේතුවෙන් යුරෝපයට ඇතුල් වීමට නොහැකිව ග‍්‍රිසියේ කොටුවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව හැට දහසකට ආසන්න සරණාගතයින් පිරිසක් මේ වනවිට ග‍්‍රිසියේ තාවකාලික කඳවුරුවල රඳවා තිබේ.

ආහාර ලැබුන  ද මුදල් ඉපයීම නීති මගින් බලධාරින් විසින් තහනම් කර ඇත.

මෙම තත්ත්වය හමුවේ මුදල් උපයා ගැනීම සඳහා තරුණ සරණාගතයින් හොර රහසේ විවිධ ක‍්‍රියාවන්වල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ.    


අළුත්කඬේ උසාවි සංකීර්ණයේ දී ලංකා ගුරුසේවා සංගමය අද නිහඬ විරෝධතාවක.


දකුණු පළාත් උපාධි ගුරුපත්වීම් ලබා දීමේ දී සිදු වූ අසාධාරණයට එරෙහිව නිහඬ විරෝධතාවක් අද පවත්වයි.

කොලඹ - අළුත්කඬේ උසාවි සංකීර්ණය දී පෙරවරු 10 යි 30 ට එය සිදු කිරීමට නියමිතය.

දකුණු පළාත් උපාධි ගුරු විභාගය සමතුන්ගේ එකමුතුව සහ ලංකා ගුරුසේවා සංගමය එක්ව එය සිදු කරයි.

දකුණු පළාතේ ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා කටයුතු කිරීමේ දී පළාත් අධ්‍යාපන නිලධාරීන් විසින් අවිධිමත් ලෙස බඳවා ගැනීම් සිදු කර ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් විභාගය සමත් උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

එම අසාධාරණයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ද ගන්නා බව මහින්ද ජයසිංහ මහතා පවසයි.


සම්මුවාදී ආණ්ඩුවේ අපේක්ෂාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා පැහැදිලි කරයි.


රට සංවර්ධනය කරා ගෙන යාම සම්මුවාදී ආණ්ඩුවේ අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා පවසයි.

වත්මන් රජය යටතේ සිදුවන වෙනසට හුරු වීම සඳහා ජනතාවට තවත් කාලයක් ගත වනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

ජනතාවට සේවය කිරීම ජනතා නියෝජිතයින්ගේ වගකීම බව අශෝක ප‍්‍රියන්ත මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ නාත්තන්ඩිය - තබ්බෝව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයෙන් රජයට චෝදනා.



කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්නෙන් වත්මන් රජයේ නොහැකියාව පෙන්නුම් කරන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.

විවිධ හේතූන් මත රජය මගින් මුදල් වෙන් කිරීම හේතුවෙන් අනාගත දරු පරපුර තවදුරටත් ණය කාරයින් වන බව සභාපතිනි සරෝජා සාවිත‍්‍රී මහත්මිය සඳහන් කළාය.

පිළිකා රෝගීන් හ`දුනා ගැනීමේ යන්ත‍්‍රයක් මිළ දී ගැනීමට මුදල් වෙන් කිරීමට නොහැකි රජය සැප වාහන ගැනිමට මුදල් වෙන් කරන්නේ කෙසේ ද යන්න ඇය ප‍්‍රශ්න කරයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ සරෝජා සාවිත‍්‍රී මහත්මිය කියා සිටියේ ජනතාව පිළිබඳ අවධානය යොමු නොකරන ජනතා නියෝජිතයින් පිළිබඳ තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බවයි.


"සාලාව" යුද හමුදා කඳවුරේ හටගත් ගින්න හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද විවෘත කරයි.


කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ හටගත් ගින්න හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද විවෘත කිරීමට නියමිතයි.

කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ , බොරලූගොඩ සිද්ධාර්ථ විද්‍යාලය, අකරවිට විද්‍යාලය, අලූත් අම්බලම විද්‍යාලය සහ කොස්ගම විද්‍යාලවල සිසුන්ට පාසල් නිල ඇදුමෙන් හෝ තමාට තිබෙන ඇ`දුමකින් පාසල් පැමිණිය හැකි බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

යුද හමුදා මගින් එම දරුවන්ට පාසල් උපකරණ හා පොත්පත් ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් මුදල් ප‍්‍රතිපාදන නිකුත් කිරීම ද අද සිදු කිරීමට නියමිතය.

කොස්ගම ප‍්‍රදේශයේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් පළමු වන මූල්‍ය ආධාර වාරිකය පිරිනැමීම හෙට සිට ආරම්භ වනු ඇත.

පිපිරීම හේතුවෙන් ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි 654 කට හානි සිදුව ඇති බවට දැනට තක්සේරු කර තිබේ.

මේ අතර පසුගිය ඉරිදා පස්වරුවේ සිදු වූ පිපිරීමෙන් හානි සිදු වු කොස්ගම රජයේ රෝහලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි.


Thursday, June 9, 2016

ශ‍්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ ඉදිරි දෙවසර සඳහා නිලමඩුල්ල මෙවර නිතරගයෙන් පත්වීමට නියමිත බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.


නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම පසුගියදා අවසන් විය.

තනතුරු 07 කට නාමයෝජනා 7 ක් පමණක් ලැබි ඇති බැවින් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් තේරී පත්වන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ ඞී එස් රුවන්චන්ද්‍ර මහතා ස`දහන් කළේය.

බොක්සිං සම්මේලනයේ සභාපති ලෙස රෝහන අබේගුණවර්ධන මහතා ද උප සභාපති තනතුරු දෙකක් සඳහා ඩයස් ගෝමස් මහතා සහ  ඕබි‍්‍ර පීරිස්  මහතා ද නාමයෝජනා භාර දී තිබේ.

ලේකම් තනතුර සඳහා එම් දහනායකල උප ලේකම් ලෙස අජිත් වීරසිංහල භාණ්ඩාගාරික ලෙස ආර් කෑරගල යන මහත්වරුන් ද උප භාණ්ඩාගාරික ලෙස පී එස් රොමේශ් මහතා ද නාමයෝජනා ලබා දී ඇත.

බොක්සිං නිලවරණය ලබන 14 වැනි දින පැවැත්වීමට නියමිතයි.


නීති විරෝධී වකුගඩු ජාවාරමක නිරත තවත් පුද්ගලයෙකු කොල්කටාහි දී අත්අඩංගුවට.


නීති විරෝධී වකුගඩු ජාවාරමක නිරත තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලිසිය සමත් වෙයි.

කොල්කටාහි දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැකකරු රාජ් කුමාර් රාවෝ නමැත්තෙකු බවයි.

දකුණු ආසියාවේ වෙනත් රටවල් සම`ග ද ඔහු වකුගඩු ජාවාරම් සිදු කර ඇති බවට ඉන්දීය පොලිසිය සැක පළ කර තිබේ.

කොල්කටාහි උසස් පොලිස් නිලධාරියෙකු ස`දහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කි‍්‍රයාත්මක කර ඇති බවයි.

මීට පෙර ද නවදිල්ලිහි පෞද්ගලික රෝහලක සිදු කළ වකුගඩු ජාවාරමක් පිළිබ`ද තොරතුරු වාර්තා විය.

ඊට අදාළව ද සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරන බව ඉන්දීය පොලිසිය ස`දහන් කරයි.


දුම්රිය සේවකයින්ගේ ගැටළු උග‍්‍ර වෙයි - පාලනාධිකාරියට චෝදනා.


දුම්රිය සේවකයින් මේ වනවිට ගැටළු රැසකට මුහුණ දී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සම කැ`දවුම්කරු එස් පී විතානගේ මහතා ස`දහන් කළේ වැටුප් විෂමතා, උසස් වීම් ප‍්‍රමාද වීම, පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු ඇතුලූ ගැටලූ රැසක් උද්ගත වී ඇති බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරිය කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ද ඔහු ස`දහන් කළේය.

එස් පී විතානගේ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවටක එක්වෙමිනි.

විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ද එහි දී වෘත්තීය සමිති නායකයින් කරුණු දැක්වීය.


හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් "නුදුටු සහතිකය" නිකුත් කිරීමට අනුමැතිය


කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් "අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතිකය" හෙවත් "නුදුටු සහතිකය" නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත එම සහතිකය නිකුත් කරනු ඇත.

රජය ස`දහන් කළේ අතුරුදන් වූ පුද්ගලයා සතු දේපළ සහ වත්කම් තාවකාලිකව කළමනාකරණය කිරීමට මෙන්ම දරුවන් වෙනුවෙන් තාවකාලික භාරකාරීත්වයක් ලබා ගැනීමට මෙම`ගින් හැකිවන බවයි.

එමෙන්ම නුදුටු සහතිකය ලබා ගන්නා ඥාතියාට, අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් සමාජ සුභසාධන වැඩසටහන් හරහා හිමිවන ප‍්‍රතිලාභ ස`දහා අයදුම් කිරීමට ද හැකි වනු ඇත.

එමෙන්ම අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් අදාළ බලධාරීන් ඉදිරියේ පෙනී සිටීමට ද ඒ තුළින් අවස්ථාව සැලසෙන බව රජය ස`දහන් කරයි.


සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්.


කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක‍්‍රියාත්මක බව යුද හමුදාව පවසයි.

මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් වෙනුවෙන් එම පියවර ගෙන ඇති බවයි.

ජයනාත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අදාළ පරීක්ෂණවලින් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ඉවත් කර ඇති බවට මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද එහි දී මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ මෙවැනි පිපිරීමක් හේතුවෙන් කිසිදු අවස්ථාවක යුද හමුදාව අධෛර්යමත් නොවන බවයි.


පාර්ලිමේන්තුව අද පෙරවරු 9 යි 30 ට රැස්වෙයි - විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීම පස්වරුවේ.


පාර්ලිමේන්තුව අද පෙරවරු නවයයි තිහට රැස්වීමට නියමිතයි.

ඊයේ පස්වරු එකට පාර්ලිමේන්තුව රැස් වූ අතර ශබ්ද පරිපාලන පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරුව දක්වා කල් තැබිණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුව පමණ වනවිට එම දෝෂය යථා තත්වයට පත් කරනු ලැබීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ද අද විවාදයට ගැනීමට නියමිතය.

එයට අදාළ ඡුන්ද විමසීම අද පස්වරු පහයි තිහට සිදු කරයි.

මෙම වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හා ජනතාව නොම`ග යවමින් සම්මත කරගෙන ඇති බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.

යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට සහය පළ කරමින් ඡන්දය ප‍්‍රකාශ කරන බවට මේ වනවිටත් දැනුම් දී තිබේ. 


Wednesday, June 8, 2016

ඉදිරි මාස හය තුළ ප‍්‍රධාන පෙලේ පාපැදි තරග දහ අටක් පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සඳහන් කරයි.


ඉදිරි මාස හය තුළ ප‍්‍රධාන පෙලේ පාපැදි තරග දහ අටක් පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සඳහන් කරයි.

මෙම වර්ෂයේ සංවිධාන කර ඇති පාපැදි සවාරි පැවැත්විය යුතු මාස පසුගිය දා එළි දැක්විය.

ඒ අනුව 2016 ජාතික පාපැදි තරගාවලිය ජූලි මාසයේ ගම්පහ දී පැවැත්විමට නියමිතයි.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංවිධාන කරන ටෙලිකොම් පාපැදි සවාරිය දින පහක් පුරා ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතය.

අගෝස්තු මාසයේ හිරු සවාරිය ද නොවැම්බර් මාසයේ මඩට්පැල්ල ශාන්ත ජේම්ස් පාපැදි සවාරිය ද පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නොවැම්බර් මාසයේ "දම්සිරි" පාපැදි සවාරිය පැවැත්වීමට නියමිත බව ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සඳහන් කරයි.


ලිංගික වහලියන් වීම ප‍්‍රතික්ෂේප කළ ගැහැණු ළමුන් 19 ක් ඉරාකයේ දී ඝාතනය කරයි.


ඉරාකයේ - මොසූල් නුවර අයි එස් සන්නද්ධ කණ්ඩායම් සිය ලිංගික වහලියන් විම ප‍්‍රතික්ෂේප කළ යදිසි ගෝත‍්‍රික ගැහැණු ළමුන් 19 දෙනෙකු පුළුස්සා ඝාතනය කරයි.

යකඩ කූඩුවල ර`දවා විශාල පිරිසක් ඉදිරියේ ඔවුන් ගිනි තබා ඇත.

පසුගිය 2014 වර්ෂයේ අගෝස්තු මස දී අයි එස් ත‍්‍රස්තවාදීන් වයඹ දිග ඉරාකයේ සින්ජාන් ප‍්‍රදේශය අත්පත් කරගත්තේය.

යදිසි ගෝත‍්‍රික ගැහැණු ළමුන් 3000 ක් පමණ ලිංගික වහලියන් බවට පත් කර ගෙන තිබේ.

අයි එස් ත‍්‍රස්තවාදීන් තවමත් ගැහැණු ළමුන් 1800 ක් පමණ ර`දවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ගම්පොළ නගරයේ කසල ගැටළුවට මාස හයක් තුළ විසඳුම් - මධ්‍යම පළාත් ප‍්‍රධාන ඇමති කියයි.


ගම්පොළ නගරය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජනතාව විසින් ඉවතලන කැළි කසළ බැහැර කිරීමට ස්ථානයක් නොමැති වීමෙන් ගැටළු රැසක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.  

වසර පහක පමණ කලක සිට නගර සභාව විසින් අම්බුළුවාව කන්ද පාමුලට කැළි කසල බැහැර කළ අතර වර්ෂාවත් සම`ග කුණු කන්ද කඩාගෙන ගොස් ඇති බව ජනතාව පෙන්වා දෙති.

අනතුරුව ප‍්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත එම ස්ථානයට කුණු දැමීම අත්හිටවනු ලැබීය. 

කුණු කන්ද කැඞී යාමෙන් ප‍්‍රදේශයේ නිවාස දෙකකට හානි සිදුව ඇති අතර මේ වනවිට පවුල් දෙකක පුද්ගලයින් අවතැන්ව සිටින බව වාර්තා වෙයි. 

 එමෙන්ම කුණු කන්ද කැඞී යාමත් සම`ග මැසි උවදුර ප‍්‍රදේශය පුරා පවතින බැවින් කුඩා දරුවන් සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින බවට ජනතාව චෝදනා කරති. 

මේ වනවිට කැළිකසල ගම්පොළ රෝහල අසල ඇති නගර සභාවට අයත් ඉඩමකට මුදා හරින බව ඔවුන් ස`දහන් කරයි.   

තවදුරටත් එම ස්ථානයට කසළ බැහැර කළහොත් රෝහලේ ශල්‍යාගාරය වසා දැමීමට සිදුවනු ඇතැයි රෝහල් බලධාරින් ස`දහන් කරන බව ගම්පොළ නගරවාසීහු පවසති.

ගම්පොළ නගර සභාවට පාලනය කරගත නොහැකි ලෙස මෙම කැළි කසල ගැටළුව උත්සන්න වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. 


"සෞඛ්‍යයවත් මහ සයුර ලොවක් සුඛිතවත් කරයි" තේමාව කර ගත් ජගත් සාගර දිනය අදයි.


"සෞඛ්‍යයවත් මහ සයුර ලොවක් සුඛිතවත් කරයි" තේමාව යටතේ පැවැත්වෙන ජගත් සාගර දිනය අදයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජූනි මස 08 වැනි දින ජගත් සාගර දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව සමූද‍්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සමූද්‍ර පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබ`ද ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් සංවිධාන කර තිබේ.

කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 7 ට එය ආරම්භ කිරීමට නියමිතය.

පාසල් සිසුන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු 1500 කට අධික පිරිසක් මේ ස`දහා සහභාගි වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පවසයි.


කුමන විවේචන එල්ල වුව ද සියලූ ජනතාවට සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනපති පවසයි.


කුමන විවේචන එල්ල වුව ද සියලූ ජනතාවට සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 

ජාත්‍යන්තරයේ සියලූ රටවල ප‍්‍රසාදය දිනා ගනිමින් උත්සහ කරන්නේ, මෙතෙක් පරාජය කළ නොහැකි වූ මෙරට ඊළාම් සිහිනය පිළිබ`ද එල් ටී ටී ඊ මතවාදය ජාත්‍යන්තරයෙන් තුරන් කිරීමට බව ජනාධිපතිවරයා පැවසීය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ස`දහන් කළේ ඊයේ දෙහිවල නගර ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදය රට තුළ යුදමය වශයෙන් පරාජය වී තිබුණ ද ඔවුන්ගේ මතවාද තවදුරටත් ජාත්‍යන්තරය තුළ පරාජය වී නොමැති බව ජනාධිපතිවරයා පැවසීය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ රටක් ලෙස සහෝදරත්වයෙන් ජීවත් විය හැකි සමාජ ක‍්‍රමය තහවුරු කිරීමට මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ට මහ`ගු වගකීමක් පැවරී ඇති බවයි.


කොස්ගම සාලාව අවට ප‍්‍රදේශවලට කඩිනමින් විදුලිය ලබා දීමට පියවර.


කොස්ගම සාලාව අවට ප‍්‍රදේශවලට කඩිනමින් විදුලිය ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි. 

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ස`දහන් කළේ හෙට දිනය වනවිට එම ප‍්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කළ හැකි බවයි.

සාලාව හමුදා ක`දවුරේ ඇති වූ ගින්නත් සම`ග ආරක්ෂිත පියවරක් ලෙස ප‍්‍රදේශයේ ට‍්‍රාන්ස්ෆෝමර් 15 ක පමණ විදුලිය විසන්ධි කළ බව අමාත්‍යංශය ස`දහන් කළේය.

ඊයේ පස්වරුව වන විට ඉන් 10 කට යළි විදුලිය ලබා දීමට කටයුතු කළ බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අනෙක් ට‍්‍රාන්ස්ෆෝමර් 05 ද යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ජල ප‍්‍රවාහන මණ්ඩලයට අවශ්‍ය විදුලිය ද ලබා ගත හැකි බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත ඇතැම් ප‍්‍රදේශවලට අඩු වෝල්ටීයතාවක් යටතේ විදුලිය සැපයීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ස`දහන් කර තිබේ.


Tuesday, June 7, 2016

ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට සර්බියානු සුපිරි ප‍්‍රංශ ක‍්‍රීඩක නොවැක් ජොකෝවික් සමත් වෙයි.


ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට සර්බියානු සුපිරි ප‍්‍රංශ ක‍්‍රීඩක නොවැක් ජොකෝවික් සමත් වෙයි.

අවසන් මහා තරගයේ දී බි‍්‍රතාන්‍ය සුපිරි ක‍්‍රීඩක ඇන්ඩි මර්රේ වට 03 ට 01 ක් ලෙස පරාජය කරමින් නොවැක් ජොකෝවික් ජය හිමි කර ගත්තේය.

ඔහු ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළ දි නාගත් ප‍්‍රථම අවස්ථාව මෙයයි.

මේ වනවිට පිරිමි ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයේ පසුවන නොවැක් ජොකෝවික් මෙම වර්ෂයේ පැවති  ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් ශූරතාව දිනා ගැනිමට ද සමත් විය.

ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්විණි.


මාල දිවයින් හිටපු උප ජනපතිට වසර 10 සිර දඞුවමක්.


මාල දිවයින් හිටපු උප ජනාධිපති අහ්මඞ් අඞීබ්ට වසර 10 සිර දඞුවමක් නියම වෙයි.

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්හී නිරතවීමේ චෝදනා යටතේ මලදිවයින් අධිකරණය ඔහුට මෙම නියෝගය පනවා තිබේ.

ගිනි අවි ලග තබා ගැනීම, වත්මන් ජනාධිපති යමීන් අබ්දුල් ගයුම් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම ඇතුළව පසුගිය වසරේ දියත්කෙරුණු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සංවිධාන කිරීම ඇතුළු චෝදනා රැසක් හිටපු ජනාධිපතිවරයාට එල්ල වී තිබේ.

ඔහුට එරෙහිව තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මාලදිවයින් අධිකරණය ඉදිරියේ දී තීන්දු ලබාදීමට නියමිත බවද මාලදිවයින් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 මේ අතර මාලදීවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කනස්සල්ල පලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.


නව රජය ලෝකය ජයගත්තේ නම් ප‍්‍රතිලාභ රටට ලැබිය යුතු බව පිවිතුරු හෙළ උරුමයෙන් ප‍්‍රකාශයක්.


නව රජය ලෝකය ජයගත්තේ නම් එහි ප‍්‍රතිලාභ රටට ලැබිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසයි. 

පැවති රජයට වඩා සමස්ත ලෝකයේම රටවල් මිත‍්‍ර කරගත් බවට රජය ප‍්‍රකාශ සිදුකරන බව නායක උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. 

ඒ අනුව ශ‍්‍රී ලංකාව සම`ග මිත‍්‍ර රටවල රැකියා අවස්ථාව මෙරට ජනතාවට ලබාදීමට නව රජයට හැකිවිය යුතු බව හෙතෙම කියා සිටි.

එමෙන්ම මෙරට අපනයන ඉහළ යා යුතු බවත් මෙරටට ආයෝජන රැගෙන ඒමට හැකි විය යුතු බවත් මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 


පොරොන්දු වු පරිදි මෙරට යහපාලනය ස්ථාපිත කර ඇති බව තලතා අතුකෝරල අමාත්‍යවරිය පවසයි.


පැවති රජය යටතේ මාර්ග සංවර්ධනය ස`දහා ණය ලබා ගත්තද කිසිදු සංවර්ධනයක් සිදුනොවු බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි. 

වර්තමානයේ ජී හත සමුළුවේ රටවල් ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල් ශ‍්‍රී ලංකාවට ණය ලබාදෙන්නේ සියයට එකක් වැනි අඩු පොලියක් යටතේ බව අමාත්‍යවරිය ස`දහන් කළාය. 

ඇය මේ බව ස`දහන් කළේ කහවත්ත ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි. 

එමෙන්ම පසුගිය කාලය තුල මෙරට පැවති ගැටළු රැසක් ස`දහා විස`දුම් ලබාදීමට නව රජයට හැකිවු බව අමාත්‍යවරිය ස`දහන් කළාය. 

ජනාධිපතිවරයා පොරොන්දු වු පරිදි මෙරට යහපාලනය ස්ථාපිත කර ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි. 


මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දීමට ජ වි පෙ සුදානම්.


හෙට දිනයේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත මුදල් අමාත්‍යවරයාට එරෙහිි විශ්වාසභංග යෝජනාව රාජපක්‍ෂ පාලනයේ කොටස්කාරයින් විසින් ගෙන එන්නක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

2005 වසරේ පැවති රජය විසින් රට භාරගන්නා විට තිබු ණය ප‍්‍රමාණය රුපියල් කෝටි දෙලක්‍ෂ විසි දෙදහසක් පමණ බව ප‍්‍රචාකර ලේකම් විජිත හේරත් මහතා ස`දහන් කළේය. 

වසර අටක කාලය තුල එම ණය ප‍්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගිය බව හෙතෙම පෙන්වා දෙයි. 

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව වසර 8 ක කාලය තුල වැඩිම ණය ප‍්‍රමාණයක් ලබා ගත් රජය බවට පැවති රජය පත්වු බව විජිත හේරත් මහතා පවසයි. 

මෙරට පත්ව ඇති ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ පැවති රජය බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. 

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡුන්දය භාවිත කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බව හෙතෙම ස`දහන් කළේය.


"සාලාව යුද හමුදා කඳවුරේ" පිපිරිම සම්බන්ධව සොයා බැලීමට ත‍්‍රිවිධ හමුදා මුලික පරික්‍ෂණ මණ්ඩලයක්.


කොස්ගම සාලාව යුද හමුදා කඳවුරු සංකිර්ණයේ පිහිටි අවි ගබඩාව පිපිරිම සම්බන්ධව සොයා බැලීම සඳහා ත‍්‍රිවිධ හමුදා මුලික පරික්‍ෂණ මණ්ඩලයක් පත් කරන බව ආරක්‍ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා පවසයි. 

පරික්‍ෂණ මණ්ඩලයට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු රහස් පොලිසිය විසින් සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය. 

පිපිරීම හට ගැනීමට හේතුව සෙවීමට රස පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ද පුළුල් පරික්‍ෂණ පවත්වන අතර මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයක් ද පැවැත්වෙනු ඇත. 

සියළු පරික්‍ෂණ කටයුතු සඳහා පොලිසියේ සහාය ද ලබාදෙන බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයන්ට අනුව මෙම පියවර ගෙන තිබේ.

එහිදි ජනාධිපතිවරයා දුන් උපදෙස් මත ත‍්‍රිවිධ හමුදා අවි ගබඩාවල ඉදිරියේ දී මෙවැනි හදිසි පිපිරිම් සිදු නොවන අයුරින් ආරක්‍ෂක කටයුතු තර කිරිමට පියවර ගන්නා බව ඒ මහතා කියා සිටියේය.

සිද්ධියෙන් ආපදාවට පත් ප‍්‍රදේශවාසී ජනතාවට වන්දි ලබාදීමට සහ හානිවු නිවාස පිළිසකර කර දීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. 

සාලාව හමුදා කදවුරේ ගින්න හේතුවෙන් අර්ධ හානි හා පූර්ණ හානි සිදුවූ නිවාස යළි ඉදිකරදීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කළේය. 

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ කොස්ගම ප‍්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවේදීයි.

සිදුව ඇති හානි පිළිබදව සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. 


Monday, June 6, 2016

ශ‍්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පූර්ණ ජයග‍්‍රහණයක් අපේක්ෂාවෙන් ලබන බ‍්‍රහස්පතින්දා ලෝඞ්ස් පිටියට පිවිසෙන බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම පවසයි.


මේ වනවිටත් ඔවුන් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයගෙන අවසන්ය.

කෙසේ වෙතත් තුන්වැනි ටෙස්ට් තරගය පැවැත්වෙන ලෝඞ්ස් ක‍්‍රීඩාංගණය ශ‍්‍රී ලාංකික පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක් බව මෙරට ක‍්‍රිකට් ව්චාරකයින් පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට පළමු ටෙස්ට් තරග දෙකට මුහුණ දීමට සිදු වූයේ ලන්ඩනයට උතුරින් පිහිටි ශීත කාලගුණයක් සහිත හෙඩින්ලි සහ ඩර්හැම් ප‍්‍රදේශවලදීය.

ඒ අනුව ලෝඞ්ස් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලෙස යොදා ඇත්තේ උපක‍්‍රමශීලිව බවට ද ඇතැමුන් ස`දහන් කර තිබේ.

2014 වසරේ දී ශ‍්‍රී ලංකාව එංගලන්තයට එරෙහි ප‍්‍රථම ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය වාර්තා කළේ ද ලෝඩිස් පිටියේ දී ප‍්‍රථම තරගයට මුහුණ දෙමිනි. 


බොක්සිං ක‍්‍රිඩක මොහොමඞ් අලිගේ අවසන් කටයුතු ලබන සිකුරාදා.


ලෝක පූජීත බොක්සිං ක‍්‍රිඩක මොහොමඞ් අලිගේ අවසන් කටයුතු ලබන සිකුරාදා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේ නන් දෙසින් පැමිණෙන  ඕනෑම අයෙකුට අවමංගල්‍ය ස`දහා සහභාගීවීමට අවස්ථාව හිමි වන  බව ද ඔහුගේ පවුලේ ඥාතීහු ස`දහන් කරති.

මොහොමඞ් අලිගේ අවසන් කටයුතු ස`දහා හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා විශේෂ ගුණ කථනයක් සිදු කිරීමට නියමිතය.

සුප‍්‍රසිද්ධ විකට නළුවෙකු වන බිලී ක‍්‍රිස්ටල් සහ ක‍්‍රිඩා පිළිබ`ද මාධ්‍යවේදීයෙකු වන බ‍්‍රයන්ට් ගම්බෙල් ද විශේෂ ගුණ කථන සිදු කරනු ඇත.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි  ලෝක පූජීත බොක්සීං ක‍්‍රිඩක මොහොමඞ් අලී මිය යන විට 74 වැනි වියේ පසුවිය.


ගලේවෙල දිග්ගල - ගල් වැඩපල කිහිපයකට ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය.

බලපත‍්‍ර නීති උල්ලංගනය කරමින් ගලේවෙල දිග්ගල ප‍්‍රදේශයේ ගල් වැඩපල කිහිපයක් හේතුවෙන් දැඩි පරිසරය විනාශයක් සිදුවන බව ප‍්‍රදේශවාසීහු පවසති.

මේ හේතුවෙන් ඔවුන්ගේ ජන ජීවිතයට ද බාධා එල්ල වී ඇත. 

ඊට විරෝධය දක්වමින් ප‍්‍රදේශවාසීහු ඊයේ විරෝධතාවක ද නිරත වූහ.

එහි දී අදහස් දැක් වූ ප‍්‍රදේශවාසින් ස`දහන් කළේ ගල්කොරි හේතුවෙන් මාර්ග ද අබලන් වී ඇති බවයි.


මෙරට ඖෂධ සම්බන්ධ නීති - රීති නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවට චෝදනා.


මෙරට ඖෂධ සම්බන්ධ නීති රීතී නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදුන්වා දි ඇති ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය සෑම රටකම ක‍්‍රියාත්මක වුව ද එය මෙරට නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බව ලේකම්  වෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ස`දහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට බොරු කරමින් ඖෂධ මාෆියාව ස`දහා ඉඩ ලබාදෙමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

ඖෂධ පනත සම්මත කර වසරක් ඉක්ම වුව ද මහජනතාවට දැනෙන පරිදි කිසිදු හිතකාමී පියවරක් ක‍්‍රියාවට නගා නොමැති බව ද වෙද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.


ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද.


ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එය පැවැත්වීමට නියමිතය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ස`දහා එම හමුව කැ`දවා තිබේ.

මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අනිද්දා විවාදයට ගැනීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සන් සහිතව පසුගිය මාර්තු මස 24 වනදා එය කථානායකවරයාට භාර දී තිබිණි.

මේ අතර පස්වරු 3 ට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 

අරලියගහ මන්දිරයේ දී එය පැවැත්වෙනු ඇත.


කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ තවදුරටත් සුළු පිපිරීම්.


කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ තවදුරටත් සුළු පිපිරීම් සිදු වෙමින් පවතින බව යුද හමුදාව පවසයි.

අප කළ විමසුමක දී යුද හමුදා මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කළේ කඳවුරේ හටගත් ගින්න මේ වනවිට බොහෝ දුරට පාලනය කර ඇති බවයි.

ගින්න සමග ඇති වූ පිපිරිම් හේතුවෙන් තුවාල ලැබූ එක් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

තුවාල ලැබූ සෙබලා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පිපිරීම හේතුවෙන් අවට ප‍්‍රදේශවල ජනතාවට ස්වසන අපහසුතා ඇති වීමට ඉඩ ඇති බැවින් එම ප‍්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා උපදෙස් ලබා දී ඇත.

ජල මූලාශ‍්‍රවල විස ද්‍රව්‍ය එකතුවිය හැකි බැවින් ඒ පිළිබඳ ද සැලකිලිමත් වන්නැයි ඔහු ප‍්‍රකාශ කර තිබේ.

සෞඛ්‍ය පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් 0113 071 073 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකියි.

ගින්න නිවීම සඳහා ආරක්ෂ අංශවලට එම ස්ථානයට ඇතුළු වීමට හැකියාව ලැබී ඇත්තේ ගින්නෙන් පැය හතර හමාරකට පමණ පසුව බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද කටකථා පැතිරවීමෙන් වළකින ලෙස ද පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර අවිස්සාවේල්ල මැතිවරණ බල ප‍්‍රදේශයේ සියලූ පාසල් සහ රාජ්‍ය ආයතන සඳහා අද නිවාඩු ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇත.

හමුදා කඳවුරේ ගින්න සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපතිවාරයා නියෝග කර තිබේ.


Thursday, June 2, 2016

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුට අවස්ථාවක්.


19 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි කරවීමට අවස්ථාව ලැබී ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

ජූලි මස 03 වැනි දිනය දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නම් කළ හැකි බව ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සඳහන් කළේය.

ඒ අනූව ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි කිහිපයක දී උපරිම දක්ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුට මෙම අවස්ථාව හිමි වන බව ජාතික ජල ක‍්‍රීඩා සංගමය පවසයි.

බ‍්‍රසීලයේ රියෝ ජනයිරෝ නගරයේ දී 19 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.


අනතුරට පත් ඊජිප්තු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් සංඥාවක් ග‍්‍රහණය වෙයි.


අනතුරට පත් ඊජිප්තු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූවා යැයි සැක කරන සංඥාවක් ග‍්‍රහණය වූ බව ප‍්‍රංශ විශේෂඥයින් පවසයි.

මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම් කටයුතු සිදු කරන විශේෂඥයින්ට සංඥාව ග‍්‍රහණය වී තිබේ.

එය ගුවන් යානයක කළු පෙට්ටියෙන් නිකුත්වූවක් බවට ඔවුහු තහවුරු කරති.

සංඥාවට ප‍්‍රමුඛතාව ලබා දී ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ඔවුන් ස`දහන් කර ඇත.

මීට පෙර ද අතුරුදන් වූ යානයේ බවට සැලකෙන කොටස් කිහිපයක් මධ්‍යධරණී මුහුදු ප‍්‍රදේශයෙන් සොයා ගැනිණ.


Google Plus Facebook Twitter Delicious