Thursday, June 9, 2016

සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීම පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්.


කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක‍්‍රියාත්මක බව යුද හමුදාව පවසයි.

මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් වෙනුවෙන් එම පියවර ගෙන ඇති බවයි.

ජයනාත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අදාළ පරීක්ෂණවලින් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ඉවත් කර ඇති බවට මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද එහි දී මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ මෙවැනි පිපිරීමක් හේතුවෙන් කිසිදු අවස්ථාවක යුද හමුදාව අධෛර්යමත් නොවන බවයි.


Google Plus Facebook Twitter Delicious