Monday, June 13, 2016

"සාලාව" යුද හමුදා කඳවුරේ හටගත් ගින්න හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද විවෘත කරයි.


කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ හටගත් ගින්න හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද විවෘත කිරීමට නියමිතයි.

කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ , බොරලූගොඩ සිද්ධාර්ථ විද්‍යාලය, අකරවිට විද්‍යාලය, අලූත් අම්බලම විද්‍යාලය සහ කොස්ගම විද්‍යාලවල සිසුන්ට පාසල් නිල ඇදුමෙන් හෝ තමාට තිබෙන ඇ`දුමකින් පාසල් පැමිණිය හැකි බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

යුද හමුදා මගින් එම දරුවන්ට පාසල් උපකරණ හා පොත්පත් ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් මුදල් ප‍්‍රතිපාදන නිකුත් කිරීම ද අද සිදු කිරීමට නියමිතය.

කොස්ගම ප‍්‍රදේශයේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් පළමු වන මූල්‍ය ආධාර වාරිකය පිරිනැමීම හෙට සිට ආරම්භ වනු ඇත.

පිපිරීම හේතුවෙන් ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි 654 කට හානි සිදුව ඇති බවට දැනට තක්සේරු කර තිබේ.

මේ අතර පසුගිය ඉරිදා පස්වරුවේ සිදු වූ පිපිරීමෙන් හානි සිදු වු කොස්ගම රජයේ රෝහලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි.


Google Plus Facebook Twitter Delicious