Thursday, June 9, 2016

හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් "නුදුටු සහතිකය" නිකුත් කිරීමට අනුමැතිය


කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් "අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතිකය" හෙවත් "නුදුටු සහතිකය" නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත එම සහතිකය නිකුත් කරනු ඇත.

රජය ස`දහන් කළේ අතුරුදන් වූ පුද්ගලයා සතු දේපළ සහ වත්කම් තාවකාලිකව කළමනාකරණය කිරීමට මෙන්ම දරුවන් වෙනුවෙන් තාවකාලික භාරකාරීත්වයක් ලබා ගැනීමට මෙම`ගින් හැකිවන බවයි.

එමෙන්ම නුදුටු සහතිකය ලබා ගන්නා ඥාතියාට, අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් සමාජ සුභසාධන වැඩසටහන් හරහා හිමිවන ප‍්‍රතිලාභ ස`දහා අයදුම් කිරීමට ද හැකි වනු ඇත.

එමෙන්ම අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් අදාළ බලධාරීන් ඉදිරියේ පෙනී සිටීමට ද ඒ තුළින් අවස්ථාව සැලසෙන බව රජය ස`දහන් කරයි.


Google Plus Facebook Twitter Delicious