Wednesday, June 8, 2016

ගම්පොළ නගරයේ කසල ගැටළුවට මාස හයක් තුළ විසඳුම් - මධ්‍යම පළාත් ප‍්‍රධාන ඇමති කියයි.


ගම්පොළ නගරය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජනතාව විසින් ඉවතලන කැළි කසළ බැහැර කිරීමට ස්ථානයක් නොමැති වීමෙන් ගැටළු රැසක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි.  

වසර පහක පමණ කලක සිට නගර සභාව විසින් අම්බුළුවාව කන්ද පාමුලට කැළි කසල බැහැර කළ අතර වර්ෂාවත් සම`ග කුණු කන්ද කඩාගෙන ගොස් ඇති බව ජනතාව පෙන්වා දෙති.

අනතුරුව ප‍්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත එම ස්ථානයට කුණු දැමීම අත්හිටවනු ලැබීය. 

කුණු කන්ද කැඞී යාමෙන් ප‍්‍රදේශයේ නිවාස දෙකකට හානි සිදුව ඇති අතර මේ වනවිට පවුල් දෙකක පුද්ගලයින් අවතැන්ව සිටින බව වාර්තා වෙයි. 

 එමෙන්ම කුණු කන්ද කැඞී යාමත් සම`ග මැසි උවදුර ප‍්‍රදේශය පුරා පවතින බැවින් කුඩා දරුවන් සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින බවට ජනතාව චෝදනා කරති. 

මේ වනවිට කැළිකසල ගම්පොළ රෝහල අසල ඇති නගර සභාවට අයත් ඉඩමකට මුදා හරින බව ඔවුන් ස`දහන් කරයි.   

තවදුරටත් එම ස්ථානයට කසළ බැහැර කළහොත් රෝහලේ ශල්‍යාගාරය වසා දැමීමට සිදුවනු ඇතැයි රෝහල් බලධාරින් ස`දහන් කරන බව ගම්පොළ නගරවාසීහු පවසති.

ගම්පොළ නගර සභාවට පාලනය කරගත නොහැකි ලෙස මෙම කැළි කසල ගැටළුව උත්සන්න වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි. 


Google Plus Facebook Twitter Delicious