Friday, June 17, 2016

චක‍්‍රලේඛවලට සීමා නොවී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමතිගෙන් නිළධාරින්ට උපදෙස්.


ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ප‍්‍රදේශයේ ජනතාවට අත්තිකාරම් ගෙවීම් ස`දහා රුපියල් මිලියන 380 ක මුදලක් ආපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත ලබා දෙයි. 

ඊයේ දිනයේ එම මුදල් ලබාදුන් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පෙන්වා දෙන්නේ නිළධාරින්ගේ ආකාර්යක්‍ෂමතාව සහ නොසලකිලිමත්කම මෙන්ම චක‍්‍රලේඛවලට සීමා වී සිටිම හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී බාධා එල්ලවී ඇති  බවයි. 

මෙම තත්ත්වය වහා වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවන් සොයා බැලීමට වගකිය යුතු නිළධාරින් චක‍්‍රලේඛවලට සීමා නොවි ක‍්‍රියාත්මක විය යුතු බව හෙතෙම අවධාරණය කර සිටි. 

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැුස්වීමට එක්වෙමිනි. 

විපතට පත් පවුලක් වෙනුවෙන් රුපියල් 10 000 බැගින් අත්තිකාරම් ගෙවීම ස`දහා කටයුතු සුදානම් කර තිබුණ ද මෙතෙක් එම කටයුතු ප‍්‍රායෝගික තත්ත්වයන් හේතුවෙන් ප‍්‍රමාද වී ඇති බවට අනාවරණය වු බව හෙතෙම පැවසිය. 

විපතට පත් ජනතාවට සහන සැලසීම ප‍්‍රමුඛ කොට සැලකිය යුතු බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

රුපියල් 10 000 ක අත්තිකාරම් මුදල ප‍්‍රමාණවක් නොවේ නම් එය සුදුසු ප‍්‍රමාණයකින් ඉහළ නැංවීමට වුවද හැකි බව රවී කරුණානායක මහතා කියා සිටි.

හෙට දිනය වනවිට මෙම අත්තිකාරම් මුදල සියළු පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය. 


Google Plus Facebook Twitter Delicious