Thursday, June 9, 2016

පාර්ලිමේන්තුව අද පෙරවරු 9 යි 30 ට රැස්වෙයි - විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීම පස්වරුවේ.


පාර්ලිමේන්තුව අද පෙරවරු නවයයි තිහට රැස්වීමට නියමිතයි.

ඊයේ පස්වරු එකට පාර්ලිමේන්තුව රැස් වූ අතර ශබ්ද පරිපාලන පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරුව දක්වා කල් තැබිණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුව පමණ වනවිට එම දෝෂය යථා තත්වයට පත් කරනු ලැබීය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ද අද විවාදයට ගැනීමට නියමිතය.

එයට අදාළ ඡුන්ද විමසීම අද පස්වරු පහයි තිහට සිදු කරයි.

මෙම වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හා ජනතාව නොම`ග යවමින් සම්මත කරගෙන ඇති බව පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාර දෙනු ලැබීය.

යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංග යෝජනාවට සහය පළ කරමින් ඡන්දය ප‍්‍රකාශ කරන බවට මේ වනවිටත් දැනුම් දී තිබේ. 


Google Plus Facebook Twitter Delicious