Tuesday, April 26, 2016

ෆෙඩරල් ක‍්‍රමයකට එකග නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියයි.


මෙරට ෆෙරඩරල් ක‍්‍රමයක් ඇති කිරිමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම එක`ග නොවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

එය ව්‍යවස්ථාවට පටහැනි දෙයක් බව අමාත්‍යවරයා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ස`දහන් කළේය. 

මහින්ද සමරසිංහ මහතා මේ බව ස`දහන් කළේ මෙරට ෆෙරඩරල් ක‍්‍රමයක් ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සම්මත කර ගෙන ඇති යෝජනාව පිළිබ`ද අදහස් දක්වමිනි. 

ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම ඉඩ නොදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ස`දහන් කළේය. 

මේ අතර උතුරු පළාත් සභා යෝජනාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්විය. 

නායක උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේ උතුරු පළාත් සභාව විසුරුවා හැර බලය ජනාධිපතිවරයාට යටතට ලබාගත යුතු බවයි. 

නැතහොත් උතුරේ ප‍්‍රධාන අමාත්‍ය සි වි විග්නේෂ්වරන් මහතා කැ`දවා ඔහුගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය.


Google Plus Facebook Twitter Delicious